කටාන පොලිස් ස්ථානයේ බුද්ධි අංශයේ රාජකාරින් වල නිරතව සිටි පොලිස් සැරයන්වරයෙකු 2019 වසරේ සිදුවූ පාස්කු ප්‍රහාරය සමයේ ඒ සම්බන්ධයෙන් රාජකාරී ඉටුකිරිම පැහැරහැරීමේ චෝදනා ලබා සේවය අත්හිටුවීමට පියවර ගෙන ඇති බව වාර්තාවේ.
පොලිස්පතිවරයාගේ නියමය පරිදි එම තීරණය ගෙන ඇති බවපොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කර තිබේ.
එම බුද්ධි සැරයන් වරයාට එරෙහිව මූලික විමර්ශනයක් පවත්වා ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ ඔහු විසින් විනය කඩ කිරිම් සම්බන්ධයෙන් චෝදනා 12 ක් ඇති බවත් ඒ යටතේ චෝදනා පත්‍රයක් යොමුකර ඇති බවත්ය.
කෙසේ වෙතත් එම බුද්ධි පොලිස් නිළධාරියා වරද පිළිගෙන ඇති බැවින් සේවයෙන් පහ කිරීමට පොලිස්පතිවරයා තීරණය කළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් පවසාතිබේ.