පාස්කු ප්‍රහාරයේ විත්තිකරුවන්ට අධිචෝදනා භාරදෙයි

අද (04) ප්‍රථම වරට පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බධ නඩුව විභාගයට ගත් අතර එහිදී මෙම නඩු විභාගය නැවතත් නොවැම්බර් මස 23 වනදාට කැඳවීමට නියෝග ලැබී ඇත.

අද පෙරවරුවේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩුව කැඳවනු ලැබූ අතර දමිත් තොටවත්ත,අමල් රණරාජ සහ නවරත්න මාරසිංහ යන මහත්වරුන් ත්‍රිපුද්ගල  විනිසුරු මඩුල්ලේ විය.

විත්තිකරුවන් 24 දෙනාට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදුන් අතර එක් විත්තිකරුවෙක්ට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වීම හේතුවන් අද අධිකරණයට ඉදිරිපත් නොකළ බව වාර්තා වෙයි.

එලෙස මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නවුෆර් මව්ලව්, සජීඩ් සමුලව්,මොහොමඩ් මිල්හාන්, සාදික් අබ්දුල්ලා ,ආදම් ලෙබ්බේ, අලියස් ගවුපර්, මොහොමඩ් සනස් හා මොහොමඩ් රිස්වාන් ඇතුළුව 25 දෙනෙකු පෙනී සිටියි.

Exit mobile version