පාස්කු ප්‍රහාරයේ විමර්ශන ප්‍රමාද බවට සිදුකරන ප්‍රකාශ ප්‍රතික්ෂේපකරනවා – ඇමති වීරසේකර

මහජන ආරක්ෂන අමාත්‍ය රියාර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රකාශ කර ඇත්තේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන කටයුතු ප්‍රමාද බවට ඇතැම් පාර්ශවයන් සිදුකරන ප්‍රකාශ තරයේ ප්‍රතික්ශේපකරන බවය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන කටයුතු ,රෙට සහ ලෝකයේ මෑකත සිදු වූ ත්‍රස්ත පුහායන්ට අදාළව සිදු කර ඇති පරීක්ෂණවලට සාපේක්ෂව වත්මන් රජය බලයට පත්වීමත් සමග වේගවත්ව සිදු කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.

පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව මේ වන විට මහාධිකරණ 05ක නඩු 09ක් පවරා ඇති බවත් 25 දෙනෙකුට අධිචෝදනා ගොනුකර ඇති බවත් මේ පිළිබඳව තවදුරටත් විමර්ශන සිදු කිරීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ද පත්කර ඇති අතර මේ වන විට මෙම සිද්දීයට අදාළව චෝදනා 23,700ක් පවරා ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

වසර 2 ½ කට ආසන්න කාලයක් තුළ දී මෙම සිද්ධියට අදාළව සිදුකර ඇති  විමර්ශන පිළිබඳව සෑහීමකට පත්විය හැකි බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

Exit mobile version