2023. 5.13 රාත්‍රී 9 .00 ට පමණ මා බත්තරමුල්ල විදෙස්ගමන් බලපත්‍ර කාර්යාලයට ගියේ හිතවතෙකුගේ ගමන් බලපත්‍රය අලුත් කරගැනීමට පෝලිමේ රැදීසිට ඔහුගේ අවස්ථාව ලබාදීමටය. ඒ වනවිට 500කට පමණ අධික පිරිසක් දැකගතහැකි වුවද පෝලිමක් දක්නට නැත. මා පෝලිමක කෙලවරක් සෙව්වද එය නිශ්පල විය.
ඒ අවස්ථාවේ කෙනෙකු පැවසුවේ පොතක නම ලියා අංකයක් ලබාදෙන බවය. කෙසේ හෝ මා එම පොත සොයා 510 වන ස්ථානයට පැමිණි බවට සටහන් කිරීය. එය ජාවාරම්කරුවන්ගේ උපක්රමයකි. මන්ද ඔවුන්ගේ ගෝලයන් පෝලිමේ රදවා සහ පොතේ හිස්තැන් ඉතුරුකර පසුව පැමිණෙන අයට රුපියල් 4000කට 5000 කට විකිණීමයි . මොකුත් නොදත් පිරිස අංකයක් ලබාදුන් බව සිතා පෝලිමක් ගැන නොසිතයි.
උදෑසන පෝලිමේ රන්ඩුසරුවල්මැද තැනක් අල්ලාගෙන තමාගේ වාරය එනතුරු රැදීසිටී. උදෑසන 5.30ට පමණ ප්‍රධාන දොරටුවෙන් පිරිස ඇතුල් වීමට පටන් ගනී. පවසන ආකාරයට බලපත්‍ර ලබාදෙන්නේ එදින පැමිණෙන 500කට හා ඔන්ලයින් ක්‍රමයට 1500කට පමණි. එදින පෝලිමෙන් 500ක් ලබා අවසන් බව පැවසූ විට මා පුදුම වූයේ 510වන ස්ථානයට සිටි මට ඉදිරියෙන් 150කට ආසන්න පෝලිමක් දැකීමෙනි.හරි ක්‍රමයට 500ක් ඇතුලුකලානම් මට ඉදිරියේ ඉතුරුවනුයේ 10 දෙනෙක් පමණි. උදෑසන 8පමණ වනවිට පැවසූවේ එදිනට අදාල 500 ඇතුල්කර අවසන් බවයි. සියල්ල ගැන අවදානයෙන් පසුවූ මා පෝලිමේ සිට පසුව ඇතුලට ගිය කාන්තාවක ඇයගේ තනියට ආ කාන්තාව මාර්ගයෙන් සම්බන්ධ කරගෙන ඇතුලත තත්වය විමසූවිට ඇය පැවසූවේ ඇයට ඇතුලතින් ලබාදුන් අංකය හාරසිය පනස් ගණනක් බවය. ආරක්ෂක නිලධාරියෙකු මාර්ගයෙන් ඇය ඇතුලට ගිය බව එම කාන්තාව ප්‍රකාශ කලේය.
500 ඇතුලත් කර අවසන් බව ප්‍රකාශකර තිබියදී පසුව ඇතුලට ගිය කාන්තාවට හාරසිය පනස් ගණන් ලැබුනේ කෙසේද?
කොන්ඩය වවාගත් හිස්වැසුමක් දමාගත් පුද්ගලයෙකු අවට සැරිසරමින් සිටින අතර ඔහු කියාසිටියේ 15000 ක් ලබාදුනහොත් සියල්ල කරදෙන බවය. ඔහු එලෙස විශාල පිරිසක් ඇතුලට යැවූ අතර ඔහුට එම දොරටු ප්‍රසිද්ධියේම විවෘත විය . කිසිම බියක් නොමැතිව මුදල් ලබාදුන් පුද්ගලයින් මුලින්ම වැසිකිලියට යවා ඉන්පසු ප්‍රධාන දොරටුවෙන් ඇතුලට යවන්නේ ආරක්ෂක නිලධාරින්ගේ සහායද ඇතිවය.
බලාසිටීමට බැරිතැන මා කෙටිතාප්පයෙන් පැන කාර්යාලයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිටට ගියේය. ඒ යනවිට කාන්තාවක් සහ තවත් කීපදෙනෙකු සිටි අතර අර කාන්තාව වත්තලසිට පැමිණි බව කියා සිටි අතර ආරක්ෂක නිලධාරියා පැවසූවේ ඔහුගේ අංකය රැගෙන ගොස් හෙට උදේ 6ට පමණ එනලෙසත් ඔහු ඇතුලට දමාදෙන ලෙසත්. මා එම ස්ථානයේ සිටි උසමහත ආරක්ෂක නිලධාරියාගෙන් ඇතුලට 500ක් ගියානම් පෝලිමට පිටින් ගිය අංකය හාරසිය පනස් ගණන් වූයේ කෙසේදැයි විමසීය. එවිට ඔහු තර්ජනාත්මකව මට කියාසිටියේ ඒක ඇතුලෙන් අහගන්නා ලෙසය. අනෙක් දොරටුවේ ආරක්ෂක නිලධාරියාගෙන් විමසූ විට ඔහු කියාසිටියේ ඒ ඉතුරුගාන ඇතුලෙ අය දමාගන්නා බවය.
එය සිදුවන්නේ තැරැව්කරුවන් හා ආරක්ෂක නිලධාරින්ගේ සහාය ඇතිව බව ඕනෑම කෙනෙකුට පැහැදිලිව දැකගත හැක.අර ප්‍රධාන තැරැව්කරු පැවසූ පරිදි ඇතුලත නිලධාරිනට මුදල් බෙදා දිය යුතු බවයි. මා සොයාගත් තව තොරතුරක් වූයේ ඇතුල නිලධාරිනට එක් බලපත්‍රයක් සදහා 10000 මුදලක් ලබාදිය යුතු බවයි. එය තහවුරු වූයේ මා අසලසිටි අයෙකු ඇතුලත වැඩකරන ලගම හිතවතෙකුට ඇමතුමක් ලබාදී ඔහු මාර්ගයෙන් එම කටයුත්ත කිරීමට කතාකල නිසාවෙනි.
එයින් නිගමනය වන්නේ තැරැව්කරුවන් ලබාගන්නා 15000න් 10000ක් එම නිලධාරින්ටද 5000ක් තැරැව්කරුවන්ටද බෙදීයන බවයි. සාමාන්‍ය පුද්ගලයින්ට ඇතුලු නොවීමට අවසර නැති සෑම තැනම අර තැරැව්කරු ඔහුට රිසිසේ ගමන් කරමින් ජාවාරම ප්‍රසිද්ධියේම සිදුකරන අතර එයට ආරක්ෂක අංශයෙන්ද ලැබෙන්නේ විශාල සහායකි.