පාසැල් අසල  මත්ද්‍රව්‍ය  අලවි කළ ජාවාරම්කරුවන් සොයා  පොලිස් වැටලීම්.

කොළඹ, ගම්පහ, කළුතර පාසල් 122 ක් ආවරණය වන පරිදි ඊයේ (16 දින ) කල වැටලීම්වලින් මත්ද්‍රවය හා මත්පෙති පාසැල් ළමුන් ඉලක්ක කර  අලවි කිරීමට සුදානමින් සිටි පුද්ගලයන් 75ක් පමණ අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් අය ලග තිබී මාවා නැති මත්ද්‍රව්‍ය කිලෝ 2 යි ග්‍රෑම් 148 ක් ,මත් පති 10 ක්, අයිස් ග්‍රෑම් 1 යි ග්‍රෑම් 522 ක්, හෙරොයින් ග්‍රෑම් 9 යි මිලිග්‍රෑම් 345 ක් සොයා ගත්බව බස්නාහිර පළාත් ජෙෂ්ඨ නියෝජය පොලිස්පති කාර්යාලය ප්‍රකාශ කළේය.

බස්නාහිර පළාත පමණක් නොව සැම පළාතකම මත් රකුසාට බිලිව වෙමින්  ඇති පාසැල් ළමුන් දිනෙන් දින වැඩි වෙමින් පවතී. මත් ද්‍රව්‍ය ලංකාවටම මහත් පිළිලයක් වෙමින් පවතී. වගකිය යුතු නිලධාරීන් ඇස් කන් පියා සිටින්නේ මන්ද.

කුඩා තැන සොයා නටනවා වෙනුවට මහා තැන සොයා පහර දීමට කටයුතු කරන්නේ නම් මෙම ව්‍යවසනය ඉතා ඉක්මනින් නවතා ගැනීමේ හැකියාව පවතියි.නමුත් මහා තැන නියෝජනය කරනු ලබන්නේ බොහෝ අවස්ථාවලදී රටේ පාලනය ගෙන යන මහතැන් වන බැවින් මේවා වළක්වා ගැනීමට අපහසු වී තිබේ.

Exit mobile version