පැට්ටා කොටු වෙයි.

හෙරොයින් ග්‍රෑම් 10ක් සමග “පැට්ටා” පානදුර ප්‍රදේශයේදී වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

එහිදී අදාළ කාන්තාව සන්තකයේ තිබී උපයාගත් ආකාරය තහවුරු කිරීමට නොහැකි වූ මුදලින් රුපියල් 2,247,450ක මුදලක් ද පොලීසිය සිය භාරයට ගෙන ඇත.

සැකකාර කාන්තාව මේ වනවිට CIDභාරයේ සිටින කුඩු සලිඳුගේ මත්ද්‍රව්‍ය ජාලය ඩුබායි සිට මෙහෙයවන අසිත නැමැත්තාගේ බිරිඳගේ වැඩිමල් සොහොයුරිය බවට හෙළිවී තිබේ.

සැකකාර කාන්තාව විසින් තරංග නමින් හඳුන්වන සැකකරුගෙන් ලබාගත් මත්ද්‍රව්‍ය රහස් ප්‍රදේශයේ සඟවා සිය නිවස වෙත පැමිණි අවස්ථාවේ කළ වැටලීමකදී ඇයව අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ නිවසේ පොලිස් නිලධාරීන්ට ඇතුල්වීමට නොහැකිවන ලෙස පුහුණුකරන ලද දරුණුගණයේ සුනඛයින් සිව්දෙනෙකු ඇතිකරන බවද විමර්ශන නිලධාරීන් හෙළිකරගෙන තිබේ.

එසේම වැටලීම සඳහා නිලධාරීන් පැමිණියහොත් ඔවුන් හඳුනාගැනීම සඳහා අධිසන්නිවේදන උපාංග භාවිත කර විශේෂ CCTV පද්ධතියක් ද සවිකර තිබීම විශේෂත්වයකි.

එසේම සැකකාර කාන්තාවට එරෙහිව හෙරොයින් ළඟ තබාගැනීමේ චෝදනාව යටතේ මේ වනවිටත් මහාධිකරණය හමුවේ නඩු දෙකක් විභාග වෙමින් පවතින බවද පොලීසිය පවසයි.

එසේම මීට පෙර හෙරොයින් ජාවාරම් කිරීම හේතුවෙන් අදාළ කාන්තාවගේ පියා, සැමියා, සහ සහෝදරිය ද මේ වනවිටත් අත්අඩංගුවේ පසුවෙයි.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ සමන්තිලක වැලිවිට මහතාගේ උපදෙස් මත ලද තොරතුරකට අනුව මෙම විශේෂ මෙහෙයුම සිදුකර තිබේ.

Exit mobile version