මස්කෙළිය හපුගස්තැන්න වතුයායේ සේවය කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට 11වන දින දහවල් එල්ලවු බබර ප්රහාරයක් හේතුවෙන් දෙදෙනකු තුවාල ලබා මස්කෙළිය ප්රාදේශිය රෝහලට ඇතුලත් කර ඇත.
මෙම වතු කම්කරුවන් එම වතුයායේ සේවය කරමින් සිටියදි එම වතුයායේ ගසක් උඩ බැද තිබු බබර කුඩුවක් ඇවිස්සිමෙන් එහි සිටි බබරුන් මෙම දෙදෙනාට පහාර දිමෙන් තුවාල ලබා එම දෙදෙනා මෙසේ රොහල් ගත කර ඇත.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු මස්කෙළිය රෝහලේ නිලධාරියකු පවසන ලද්දේ මස්කෙළිය හපුගස්තැන්න වතුයායේ සිදුවු
බඹර ප්රහාරයෙන් තුවාල ලබා හපුගස්තැන්න වත්ත උඩ කොටසේ පදිංචි අවුරුදු 55ක පිරිමි පුද්ගලයකු හා අවුරුදු 29ක් වයසැති කාන්තාවක් රෝහල් ගත කර ඇති බවත්ය.
මෙසේ රෝහල් ගත කරන ලද තුවාලකරුවන්ගේ තත්වයන් බරපතල නොවන බවත් එම තුවාලකරුවන් දෙදෙනා රෝහලේ නේවාසිකව ප්රථිකාර ලබන බවද එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.