ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන පැතුම් නිස්සංකට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
ඔහු මෙසේ කොවිඩ් වෛරසයට ගොදුරු වී ඇත්තේ ඕස්ට්‍රේලියා – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරඟය අතරතුරදී බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
ඒ අනුව ඔහුව මේ වන විට ප්‍රතිකාර සඳහා නිරෝධායන ක්‍රියාවලියට යොමුකර ඇති අතර ඔහු වෙනුවට ඕෂධ ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවා ඇති බව වාර්තා වේ.
මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 05 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති අතර අසිත ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩසේ ,ධනංජය ද සිල්වා යන ක්‍රීඩකයින් තවමත් නිරෝධායනයේ පසුවේ.