පැන්ඩෝරා පත්‍රිකාවෙන් අනාවරණය කළ පුද්ගලයින් පිළිබඳව මෙරටට හෙළිදරව් කළ යුතුයි – සජිත් ප්‍රේමදාස

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ පැන්ඩෝරා පත්‍රිකා විසින් මේ වන විට හෙළිදරව් කර ඇති මෙරට පුද්ගලයින් සම්බන්ධයෙන් පවත්නා චෝදනා වහාම රටට හෙළිදරව් කළ යුතු බවයි.

මෙම තත්ත්වය අතිශය බරපතල තත්ත්වයක් වන බවත් ආණ්ඩව විසින් මේ වන තෙක් ඒ පිළිබඳව කිසිදු ප්‍රකාශයක් සිදු නොකර ඇති බවත් ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.

එමෙන්ම පැන්ඩෝරා පත්‍රිකා මගින් සියල්ල අනාවරණය වී තිබියදීත් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ වගකිවයුත්තන්ගේ නිද්‍රාශීලී ක්‍රියාකලාපය අතිශය කනගාටුදායක බව ද සඳහන් කර ඇති අතර ඔහු මෙම නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳ අදහස් දක්වා ඇත.

Exit mobile version