පැන්ඩෝරා සිද්ධියට සම්බන්ධ සියලු පැමිණිලිවලට අල්ලස් කොමිසමේ අවධානය

පසුගිය දිනෙක හෙළිදරව් කෙරුණු පැන්ඩෝරා සිද්ධියට අදාළව මේ වන විට පැමිණිලි කිහිපයක්ම ඉදිරිපත් වී ඇති අතර අදාළ සියලු පැමිණිලි පිළිබඳව විමර්ශනවලදී අවධානය යොමුකරන බවයි අල්ල හෝ දූෂණ කොමිසම සඳහන් කර ඇත්තේ.

විශේෂයෙන් පැන්ඩෝරා පත්‍රිකා මගින් ශ්‍රී ලංකාවේ හිටපු අමාත්‍යවරියක වන නිරූපමා රාජපක්ෂ මහත්මියගේ නම සහ ඇයගේ සැමියා වන තිරුකුමරන් නඩේෂන් පිළිබඳව විස්තර සෘජුවම සම්බන්ධ වී තිබූ අතර ඒ පිළිබඳ විමර්ශනයට තිරුකුමරන් නඩේෂන් පෙරේදා අල්ලස් කොමිසම වෙත ගෙන්වා එහී දී පැය 03ක පමණ කායක් ඔහුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇත.

එමෙන් ම වැඩිදුර ප්‍රකාශයන් ලබා ගැනීම සඳහා යළිත් සිකුරාදා දිනයේ ඔහුව කොමිසම හමුවට කැඳවීමට නියමිතව ඇත.

Exit mobile version