පැයකට කොවිඩ් මරණ 09 ක්.

ශ්‍රි ලංකා වෛද්‍ය සංගමයේ සභාපති ,විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය ප්‍රකාශ කර සිටියේ, ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ හඳුනාගත් නව විකෘත්ති ප්‍රභේදය ද කොළඹින් බැහැරව අනෙක් ප්‍රදේශයන්ට පැතිර යාමේ අවදානමක් පවතින බවයි.

එතුමිය තවදුරටත් ප්‍රකාශ කර සිටියේ මේ වන විට මෙරට තුළ පැයකට කොවිඩ් මරණ 09ක් පමණ වාර්තාවන මට්ටමට කොවිඩ් වසංගතය දරුණු වී ඇති බවයි.

ඇය අවධාරණය කර සිටියේ විශේෂයෙන් එන්නත් ලබානොගත් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් එන්නත්කරණයට කඩිනමින් යොමු වීම සහ එක් මාත්‍රාවක් ලබාගත් පිරිස් එන්නත්කරණය සම්පූර්ණ කිරීම අනිවාර්යෙන් සිදුකළ යුතු බවය.

Exit mobile version