පැය 24 න් 18 ක්ම මම වැඩ – සුසිල් දෙමාපියන්ට කියයි (වීඩියෝ)

තමන් මේ වන විට බාරව සිටින අමාත්‍යාංශය තුල තිබෙන වැඩ කරගැනීම⁣ට තමන්ට කාලය මදි බවත්, දැනටමත් පැය 24 න් පැය 18 ක්ම වැඩකරන බවත්, අමාත්‍යාංශයෙන් ඉවත්කල තමන් නැවතත් එම අමාත්‍යාංශයටම පත්කලේ එය කිරීම ලේසි කටයුත්තක් නොවන නිසා බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා අද (22) ප්‍රකාශ කලේය.

බෝධිරාජ විද්‍යාලයේ 2024 වර්ෂය සඳහා පලමු ග්‍රේණියට පාසල් ළමුන් භාර ගැනීමේ උත්සවයට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කරන ලදී


රජයේ ආධාර ලබන පාසලක් වන බෝධිරාජ විද්‍යාලයේ ප්‍රාථමික අංශය සඳහා අලුතින් ඉදිකරන ලද ගොඩනැගිල්ල විවෘත කිරීම සහ එම පන්ති කාමරවලට ගොස් දරුවන් සමග කතාබහ කිරීම ද අමාත්‍යවරයා විසින් සිදුකරනු ලදී.


ඉන් අනතුරුව 2024 වර්ෂයේ සඳහා බෝධිරාජ්‍ය විද්‍යාල ඇතුලත් වන දරැවන් සදහා පොත් බෙදා දීමක් සිදුකළ අතර එම උත්සවයේදී අධ්‍යාපනයේ ඉදිරියේ සිදු කරන වෙනස්කම් පිළිබඳව අමාත්‍යවරයා දීර්ඝ කතාවක් සිදුකරන
ලදී.
මෙම විද්‍යාලය ආරම්භ කිරීමට උපකාර කල කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු විදුහල්පති වරයෙකු වන සුමනසේකර මහතාට සහ ඇමති වරයාට බෝධිරාජ විද්‍යාලයේ විධායක අධ්‍යක්ෂ බෝධිරාජ පදනමේ සභාපති ආචාර්්‍ය ඕමල්පේ සෝභිත හිමියන් විසින් සමරු තිලිණ පුධානයක්ද සිදු කරන ලදී.        
වැඩ සටහනේ වීඩියෝ පහතින් බලන්න.                          
Exit mobile version