පැය 5 ක් ඉන්ධන පෝලිමේ සිටි අයෙකු මිය යයි

.

පැය පහක් පමණ ඉන්ධන පෝලිමක සිටි හැටන් නගරයේ ව්‍යාපාරිකයෙකු අද (27) අලුයම මියගොස් තිබෙන බව හැටන් පොලිසිය පවසයි.

මෙසේ මියගොස් තිබෙන පුද්ගලයා හැටන් නගරයේ පැති විදියේ කුලී පදනම ලබා ගත් වෙළද සලක නිමි ඇදුම් ව්‍යපාරයක් කරගෙන යන හැටන් දුඹුරුගිරිය පාරේ පදිංචි දේවනායගම් ක්‍රිෂ්ණෂාමි  (55) නමැති දෙදරු පියෙකි.

මොහු පෙරදින (26) රාත්‍රී 7 ට පමණ භූමිතෙල් ලබා ගැනීමට හැටන් නගරයේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්පල වෙත් ගොස් පැය 5 කට වැඩි කාලයක් පෝලිමේ රැදී සිට අද (27) අලුයම 12.30 ට පමණ නිවසට පැමිණි පසු මෙසේ මිය ගොස් තිබේ.

Exit mobile version