ගාසා තීරයට ගුවනින් හෙළන ලද ආධාර පැකේජයකට යටවීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
විදෙස් වාර්තා සඳහන් කළේ ආධාර රැගත් පැරෂුටයක් ක්රියාවිරහිත වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
එක්සත් ජනපදය, ජෝර්දානය, ඊජිප්තුව, ප්රංශය, නෙදර්ලන්තය සහ බෙල්ජියම පසුගිය දිනවල ගාසා තීරයට ගුවන් මඟින් ආධාර ලබා දීමට පියවර ගෙන තිබුණි.
අමෙරිකාව සහ ජෝර්දාන ගුවන් හමුදාව ඒකාබද්ධව ගාසා තීරයට ගුවන් ආධාර හෙළීමක් පසුගියදා සිදුකළ බව විදෙස් වාර්තා සඳහන් කළේය.