නව ලෝක වාර්තාවක් ද තබමින් පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ දී දිනේෂ් ප්‍රියන්ත හේරත් ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම දිනා දීමට සමත් විය.
ඔහු තම තරඟ වාර්තාව මීටර් 69.79ක් ලෙස තනිටුහන් කරමින් නව ලෝක වාර්තාවට උරුමකම් කියා ඇත්තේ F46 හෙල්ල විසිකිරීමේ තරඟ ඉසව්වෙනි.
අද උදෑසන ආරම්භ කළ පිරිමි හෙල්ල විසි කිරීමේ තරඟ ඉසව්වේ පළමු අවස්ථාවේ දී දිනේෂ් ප්‍රියන්ත හේරත් විසින් මීටර් 62.58ක දක්ෂතාවක් දැක් වූ අතර දෙවන විසි කිරීමේ දී මීටර 62.19ක දක්ෂතාවක් දක්වා ඇත.
පසුව තම තුන්වෙනි විසි කිරීමේ දී මීටර 67.79ක දක්ෂතාවක් පෙන්වමින් එම ඉසව්වේ නව ලෝක වාර්තාවක් පිහිටුවා ඇති අතර මීට පෙර මෙම ඉසව්වේ පැවති වාර්තාව සටහන් වූයේ මීටර 63.79ක් ලෙසය.
ශ්‍රී ලංකාව ඉතිහාසයේ දිනාගත් ප්‍රථම පැරලිම්පික් රන් පදක්කම මෙය වීම ද විශේෂත්වයකි.
දිනේෂ් ප්‍රියන්ත හේරත් ඔබට රාවණා මාධ්‍ය ජාලය අපි හදවතින්ම සුභ පැතුම් එක් කරනව.