පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම්ට එරෙහිව අල්ලස් හෝ දුෂණ වංචා කොමිෂමට පැමිණිල්ලක්. භික්ෂුන් කිහිපදෙනෙකුත් සැකකරුවන් ලෙස නම් කරලා.

රත්නපුර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් මේ දිනවල තරු බවට පත්ව තිබේ. ඒ විවිධ දේශපාලන බලවතුන්ගේ සහ දුෂිත භික්ෂුන්ගේ කටයුතු හේතුවෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට තම රාජකාරිය කිරීමට නොහැකිව සිටින බැවිනි. මේ වනවිට ප්‍රාදේශීය ලේකම්වරුන් දෙදෙනක් රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ. ඒ බෝල්තුබේ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තේරීමේ නිලවරණයේදී ඔවුන්ට අවශ්‍ය පුද්ගලයා තෝරා නොගත් බැවිනි. ඉදිරියේදී පැවැත්වීමට යෝජිත රත්නපුර මහා සමන් දේවාලයේ නිලවරණයෙදී ඔවුන්ට අවශ්‍ය පුද්ගලයා තෝරා ගැනීම උදෙසා ඕපනායක සහ වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම්වරුන් දෙදෙනා මේ වන විට රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඉවත් කර රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ සංචිතයට කැඳවා තිබේ. එයට එරෙහිව  අද (7)  වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අනෙකුත් රාජ්‍ය සේවකයෝ තම කෑම පැයේදී උද්ඝෝෂණයක පවත්වන ලදී. එසේම ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් පෙත්සමක්ද අත්සන් කර තිබේ.

එම සිද්ධීන් එසේ සිදුවන අතර තුර ප්‍රාදේශීය ලේකම්වරුන් දුෂණයට , සහ අල්ලසට යොදාගැනීමට තම රාජ්‍ය තනතුර භාවිතා කල පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් රුවන්සිරි මහතාට එරෙහිව මේ වන විට අල්ලස් හෝ දුෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් බාර දීමට තවත් කණ්ඩායමක් කටයුතු කරමින් සිටී.

ඕපනායක සහ වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම්වරුන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඉවතට යැවීමට කටයුතු සිදුවන ලෙස සියලුම කටයුතු සිදුකර තිබෙන්නේ පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම්වරයා වේ. ඔහු ලක්ෂ ගණනින් මුදල් ලබා ගෙන ඒවා ප්‍රාදේශීය ලේකම්වරුන්ට බෙදා දි ඔවුන්ගේ චන්දය ලබා ගැනීමට බලපෑම් කර තිබේ. අප ඒ සියල්ලම වාර්තා කර තිබේ.

ඊට අමතරව පැල්මඩුල්ලේ ධම්මදින්න, කහවත්තේ සේනිද්ද සහ කොකාවල කෝශල නමැති භික්ෂුන් කණ්ඩායමක්ද එම පැමිණිල්ලේ චුදිතයන් ලෙස නම් කර තිබේ. එම භික්ෂුනට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තෙම්න්තුවට වෙනමම පැමිණිල්ලක් ද බාර දීමට යෝජිත බවද, සිවිල් සංවිධාන කිහිපයක් එකතුව එම පැමිණිල්ල බාරදීමට අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතින බවද , රාවණා ලංකා පුවත් සේවයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. බොහෝ විට ඉන් එක් පැමිණිල්ලක් හෙට බාරදීමට ඉඩකඩ තිබෙන බවද ආරංචි මාර්ග සඳහන් කරයි.  

ඒ සියල්ලම එසේ සිදුවෙද්දී, පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම්වරයා ඇඹිලිපිටියේ වැඩ බැලීමට පත් කර තිබේ. ඒ රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරතන විසිනි. පැල්මඩුල්ලේ සිට ඇඹිලිපිටියට යන විට ප්‍රාදේශීය ලේකම් කාර්යාල දෙකක් පසුකර යා යුතුය. ඒ කහවත්ත සහ ගොඩකවෙලයි. කහවත්ත ප්‍රාදේශීය ලේකම්වරිය වෙනත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක වැඩබලන නමුත් ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම්වරිය කිසිදු ස්ථානයක වදබලන්නේ නැත. පැල්මඩුල්ලේ රුවන් සිරි මහතා ඇඹිලිපිටියට පැමිණෙන විට මහජන මුදල් විශාල ප්‍රමානයක් රටට අහිමි වේ. කෙසේ වුවත් දුෂිත පුද්ගලයනට එයින් පලක් නැත.

මේ පිළිබදව දිගින් දිගටම තොරතුරු වාර්තා කල අපට ලැබී තිබෙන තොරතුරුවලට අනුව රුවන්සිරි මහතාට ඇඹිලිපිටියේ වැඩබැලීමට නීතිමය වශයෙන් හැකියාවක් නැත. ඒ ඇඹිලිපිටියේ වැඩ බැලු වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් අනුරාධ ජයකොඩි මහතාගේ පත්වීමේ ලිපියෙහි තිබෙන කරුණු අනුවය. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරයාටද බොහෝ විට මෙම දුෂණ චෝදනා සහිතව පැමිණිල්ලේ සටහන් වීමට ඉඩ තිබෙන බවද, ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

වැලිගෙපොල රාජ්‍ය සේවකයන්ගේ උද්ඝෝෂණය

Exit mobile version