පින්බර වප් පුන් පොහෝ දිනය අදට (20) යෙදී ඇත.
වස් පවාරණය කිරීමෙන් අනතුරුව චීවර මාසය ආරම්භ වීම මෙන් ම බුද්ධ චරිතයේ වැදගත් සිදුවීම කිහිපයක් ම අද දිනට යෙදී ඇත.
බුදුරජාණන්වහන්සේ තව්තිසා දෙව්ලොවෙහි සිට සංකස්ස නුවරට වැඩම කිරීම සිදුවන්නේ ද අදවන් වප් පුන් පොහෝ දිනකය.
එමෙන්ම ,මෛත්රි බෝසතුන් පැවිදි විම, ජය ශ්රී මහා බෝධි අංකුරය පිහිටුවීම ආදී මංගල කරුනු කිහිපයක් ම වප් පොහො දිනට යෙදී ඇත.
මෝහාන්දකාරයෙන් වෙළුණු සිතට දහම් වැසි වස්සන සුපින්බර වප් පුන් පොහොය දිනයක් වේවා!