පින් බිමේ මත් වෙන්න ගිය තිදෙනෙක් අත්අඩංගුවට.

පසුගිය දා ඇරඹි ශ්‍රීපාද සමයේ ශ්‍රීපාද වන්දනාව සඳහා පැමිණෙන්නන් මත්ද්‍රව්‍ය රැගෙන එන බවට ලද තොරතුඑරු මත පොලිසිය මේ සම්බන්ධ විමර්ශන ආරම්භ කරන ලදී.

ඒ අනුව හැටන් පොලිසියේ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය සඳහන් කළේ හැටන්, නල්ලතන්නිය හඑරහා ශ්‍රී පාද වන්දනාව සඳහා මත්ද්‍රව්‍ය රැගෙන එන වන්දනාකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් දියත් කරන ලද බවයි.

පොලිසිය සඳහන් කළේ මෙම විමර්ශන කටයුතු සඳහා මත්ද්‍රව්‍ය වැටලීමට විශේෂයෙන් පුහුණු කරන ලද ස්ටුවර්ඩ් නමැති හැටන් පොලිස් තොට්ඨාස සුනඛ ඒකකයේ සුනඛයා යොදා ගන්නා බවයි.

ඒ අනුව ඊයේ (10) හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල පොලිස් මාර්ග බාධකයට පහළින් ශ්‍රී පාදය බලා පැමිණෙමින් තිබූ බස් හා වෑන් රථ පිළිබඳ පරීක්ෂාවක් සිදු කර තිබේ.

එහිදී ගංජා සහ නීති විරෝධී ලෙන ආනයනය කරන ලද දුම්වැටි සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙණ අතර මෙම සැකකරුවන් වයස අවුරුදු 20 – 30 අතර පසුවන්නන් බවයි පොලිසිය සඳහන් කළේ.

අදාළ සැකකරුවන් තිදෙනා අද (11) හැටන් මහේස්ත්‍රාත් අධිකරණ්‍ය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Exit mobile version