පියවරෙන් පියවර කෘෂිකර්මය නවීකරණය වෙයි.

වගා හානි කරන මොණරුන්ගෙන් වගා බිම ආරක්ෂා කර ගැනීමට හැකිවන පරිදි වී වපුරන නව යන්ත්‍රයක් හඳුන්වා දී තිබේ.

ඊයේ (11) දිනයේ මෙම යන්ත්‍රය හඳුන්වා දීම අගුණුකොළපැලැස්ස ප්‍රදේශයේ දී සිදුකරන ලදී.මෙහිදී මෙම යන්ත්‍රය තුළින් බීජ සිටුවීම මෙන්ම මොණරුන් සහ වෙනත් බපක්ෂීන්ට එම වපුරන ලද වී කා දැමිය නොහැකි වන අයුරින් පොහොර තට්ටුවකින් බීජ වසා දැමීම ද සිදු වේ.

කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කලේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මොණර ගහණය වැඩිවීමත් සමඟ වී වැපිරීම සිදුකළ පසුව වන හානිය ඉහළ ගොස් ඇති බවයි.

සාමාන්‍යයෙන් බීජ වැපිරීමේ උපකරණයක් වෙළඳපොළ තුළ රු.72,000ක් වැනි ඉහළ මිලකින් යුක්ත වන නමුත් මෙම අලුත් යන්ත්‍රය රු.17,000ක වැනි මුදලකට සකස් කර ගැනීමේ හැකියාව පවතියි.

Exit mobile version