පාඩම් කරන්නැයි පවසා පියා විසින් කරන ලද තරවටුවෙන් තුවාල ලැබූ පුත්‍රයා ජීවිතක්ෂයට පත් වූ පුවතක් ගාල්ල ,මහමෝදර ,සියඹලාහේන ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට සූදානමින් සිටි ගිම්හාන් විමුක්ති නමැති දරුවෙක් වන අතර ඔහු මාස කිහිපයක් ඔන්ලයින් අධ්‍යාපනය සඳහා යොමු නොවීම හේතුවෙන් පියා විසින් මෙලෙස තරවටු කර ඇත.
එහිදී තරවටු කිරීමට පියා විසින් කොසු මිටකින් දරුවාගේ පිට ප්‍රදේශයට පහරක් එල්ල කර ඇති අතර එයින් වැළකීමට දරන ලද උත්සහයේ දී එම පහර හිසට එල්ල වීමෙන් තුවාල ලද දරුවා කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇති අතර එහි දී මියගොස් ඇත.
මියගිය දරුවාගේ ඥාතීන් පවසා ඇත්තේ පියා සිය දරුවාට මහත් ආදරෙන් සිටි අතර අධ්‍යාපනය කඩකප්පල් කර ගිනීවිය යන බියෙන් මෙලෙස තරවටු කර ඇති බවයි.