අද (25) අලුයම කාලයේ ගිරිබාව ප්‍රදේශයේදී පුතකු විසින් තම පියාට පොරවකින් පහරදීමේ පුවතක් වාර්තාවේ.
මෙම පහරදීම සිදුව ඇත්තේ ගිරිබාව ලංකාරාම විහාරස්ථානයේ පැවති නාට්‍ය සංදර්ශනයක් අතරතුර බව පොලිසිය සදහන් කොට තිබේ.
මෙම සංදර්ශනය අතරතුර පියා හා පුතු අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදු කොට ඇති අතර පහර කෑමෙන් තුවාල ලැබූ පියා ගිරිබාව ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා තබුත්තේගම දිසා රෝහලට ඇතුලත් කොට තිබේ.
පහරකෑමට ලක්වූ පියා ගිරිබාව සෝලේවැව යාය 4 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු වන අතර සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති බව වාර්තාවේ.
ගිරිබාව පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.