පියුමාලිගේ රට පටලැවිල්ලෙන් පැටලුනු මාධ්‍යවේදියා අද උසාවියට යයි. තවත් මාධ්‍යවේදීන්ට CID එන්න කියලා.

පියුමාලිගේ නාඩගම මැද හඩපටයක් වාදනය කිරීමේදී, එම වාදනය තුලින් පුද්ගලයෙකු විසින් ප්‍රකාශ කරන ලද ආයතනයක් නිසා ලයිෆ් travalar යු ටියුබ් නාලිකාවේ විචාරකයෙකු වන මාධ්‍යවේදී ධනංජය නාරන්බැද්ද මහතාට සහ මාධ්‍යවෙඩි ආර් ඒ එම් පී රත්නායක යන අයවලුන්ට එරෙහිව කොළඹ දිසා අධිකරණය විසින් වාරණයක් නිකුත් කර තිබුණි.

කොළඹ 01, ලෝක වෙළද මධ්‍යස්ථානයේ, නැගෙනහිර කුළුණේ , 19 වන මට්ටම්,මට්ටමෙහි පිහිටා ඇති කොප්‍රස් පුද්ගලික සමාගම විසින් එම වාරණය ලබාගෙන තිබේ. එසේම එම සිද්ධිය පිලිබදව පසුගියදා ධනංජය නරන්බද්ද මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතද කැදවන ලදී. එම වාරණ නියෝගයට කරුණු දැක්වීම අද සිදුකර තිබු අතර අද දිනයේ වග උත්තරකරුවන් වෙනුවෙන් කරනු දක්වා තිබේ.

මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට අත තියලා ඊළග මානව හිමිකම් සැසියට සාක්ෂි හදන්න එපා – නීතිඥ සුනිල් වටගල

ඒ අතර මාධ්‍යවේදීන් වන තරිදු තරිඳු උඩුවේගෙදර සහ තරිඳු ජයවර්ධන යන අයවලුන් නොවැම්බර් 08 සහ නොවැම්බර් 14 යන දෙදින තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීම ගැන ස.ජ.බ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා අද (10) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර කරන ලදී.

මුහුණු පොත තුළ තිබූ එක්තරා පලකිරීමක් Shere කිරීම හේතුවෙන් මෙම තරුණ මධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙලෙස කැඳවා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සදහන් කරනම ලදී. ජනමාධ්‍යවේදීන් ඉලක්ක කර ගෙන ඉහළින් පැමිණෙන නියෝග මත ජනමාධ්‍යවේදීන්, නිතර අත්අඩංගුවට ගැනීමට පෙළඹී ඇති බව පැවසූ මන්ත්‍රීවරයා උදාහරණයක් ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නම ද ඒ අතර වන බව සඳහන් කරන ලදී.

ප්‍රජාතන්ත්‍රවාදී අයීතීන් කඩවන ආකාරයට ජනමාධ්‍යවේදීන් සම්බන්ධව මෙලෙස කටයුතු කිරීම ඉතා භයානක තත්වයක් බව පැවසූ මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන්ට සිදුකරන හිරිහැර නිසා අනාගතයේ නැවතත් අරගලයක් ඇති වන බව අවධාරණය කරන ලදී.

මාධ්‍යවේදීන්ට අත තැබීමට එරෙහිව නීතිවිරෝදී වැඩකරන ආරක්ෂක අංශ නිලධාරීන්ට අනතුරු හැගවීමක්

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ සියලුම බිදවැටීම් පිටුපස ජාවරම්කාර ව්‍යාපාරිකයන් සිටින අතර ඔවුන්ගේ ජාවාරම් යහතින්කරගෙන යාම සදහා අවශ්‍ය උපකාර කිරීමද රාජ්‍ය අංශයන් මගින්ම සිදුකරන බවට ඕනා තරම් සාධක තිබේ. ජාවාරම්කරුවන් ඔවුන්ගේ කටයුතුකරගෙන යන්නේ රාජ්‍ය අංශය වෙත අල්ලස් ලබාදෙමින් වන අතර රාජ්‍ය සේවක මාෆියාව ජාවාරම්කරුවන් සමග අත්වැල් බැදගෙන තිබේ. මෙම ක්‍රමයන් වෙනස කරන ලෙස, ඒවාට විරුද්ධව නීති අනපනත් සකසන ලෙස ජනතාව දිගින් දිගටම ඉල්ලා සිටියත් තවමත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට රජයන් අපොහොසත්ව තිබේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී තවත් වංචාවක් එලි කිරීම.

Exit mobile version