පිරිවෙන් ගුරුවරුන් සඳහා ද මෙම වසරේ ජනවාරි මස සිට ගුරු සේවය සඳහා ක්‍රියාත්මක වන වැටුප් ක්‍රවේදයට අනුව වැටුප් ලබා දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
අධ්‍යපාපන අමාත්‍යංශය සඳහන් කළේ අදාළ වැටුප් සංශෝධන සඳහා පිරිවෙන් ගුරුවරුන් අදාළ කරගෙන නොතිබූ බවයි.
ඒ අනුව අදාළ පාර්ශව සමග පැවති සාකච්ඡාවක දී වැටුප් සංශෝධනය සඳහා පිරිවෙන් ගුරුවරුන් ද ඇතුළත් කිරීමට එකඟව ඇති බව ද අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
ගුරු විදුහල්පති වැටුප් විශමතා ඉවත් කිරීම සඳහා ලබාදුන් අමාත්‍ය මණ්ඩල තිරණයට අනුව පිරිවෙන් ගුරුවරුන්ගේ වැටුප් සැකසීම යන මැයෙන් දහම් පාසල්, පිරිවෙන් සහ භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශය මඟින් පිරිවෙන් ගුරුවරුන්ගේ වැටුප් සංශෝධනය කිරීමට අදාළ අමාත්‍ය මන්ඩල සංශෝධනය ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා අනුමැතිය ලබා ගැනීමෙන් පසු පිරිවෙන් ගුරුවරුන්ගේ වැටුප් සංශෝධනය ජනවාරි මස හිඟ වැටප් ද සමග පෙබරවාරි මස සිට ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කර ඇත.