මෑතක දී අමාත්‍ය ධුරයක් හිමි වූ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් කුලී බෝට්ටුවක ආධාරයෙන් මැලේසියාවට පලා ගොස් ඇති බව වාර්තා වනවා. ඔහු මලයාසියාවේ සිට යුරෝපා රටකට යෑමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා ඔහු යුරෝපීය රටවල් තුනක සිටින තම සගයන්ගෙන් අවශ්‍ය පහසුකම් සපයා දෙන මෙන් ඉල්ලීම් කොට තිබෙන බවද සඳහන් වේ. චෝදනා රැසකට වරදකරු වී බන්ධනාගාරගත ව සිටි ඔහු, මෑතක දී සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් වීමෙන් පසු අමාත්‍ය දූරයක ද කටයුතු කරන ලදී.
කෙසේ වුවත් මෙරටින් හොරෙන් පැන ගිය පුද්ගලයෙකු පිලිබඳව තහවුරු කරගැනීමට හැකියාවක් නැති බැවින් සමහර විට ඔහුද අනෙකුත් දේශපාලඥයන් සේ මෙරට කොහේ හෝ සැගවී සිටිනවාද විය හැකිය.