පිල්ලෙයාන් මැලේසියාවට පැන යයි.

මෑතක දී අමාත්‍ය ධුරයක් හිමි වූ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් කුලී බෝට්ටුවක ආධාරයෙන් මැලේසියාවට පලා ගොස් ඇති බව වාර්තා වනවා. ඔහු මලයාසියාවේ සිට යුරෝපා රටකට යෑමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා ඔහු යුරෝපීය රටවල් තුනක සිටින තම සගයන්ගෙන් අවශ්‍ය පහසුකම් සපයා දෙන මෙන් ඉල්ලීම් කොට තිබෙන බවද සඳහන් වේ. චෝදනා රැසකට වරදකරු වී බන්ධනාගාරගත ව සිටි ඔහු, මෑතක දී සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් වීමෙන් පසු අමාත්‍ය දූරයක ද කටයුතු කරන ලදී.

කෙසේ වුවත් මෙරටින් හොරෙන් පැන ගිය පුද්ගලයෙකු පිලිබඳව තහවුරු කරගැනීමට හැකියාවක් නැති බැවින් සමහර විට ඔහුද අනෙකුත් දේශපාලඥයන් සේ මෙරට කොහේ හෝ සැගවී සිටිනවාද විය හැකිය.

Exit mobile version