පිලිපීනයේ මැනිලා අගනුවර නිනෝයි අකීනෝ ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ විදුලිය ඇණහිටීමක් හේතුවෙන් ගුවන් ගමන් 360කට අධික ප්‍රමාණයක් ඇනහිට තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ නව වසරේ ආරම්භයක් සමග සිදුවූ මෙම විදුලි ඇනහිටීමෙන් සන්නිවේදන සහ රේඩාර් උපකරණ ද අක්‍රීය වී ඇති බවයි.
මෙම විදුලි ඇනහිටීම සමග සිදු වූ ගුවන් ගමන් අවලංගුව වීමෙන් මගීන් 56,000කට අධික පිරිසක් අපහසුතාවයට පත්ව තිබෙන බව ද වාර්තා වේ.
කෙසේ නමුත් ඊයේ (01) පස්වරුව වන විට ගුවන් තොටුපොළ කටයුතු යළි යථා තත්ත්වයට පත් කර ගැනීමට එරට බලධාරීන්ට හැකියා ලැබී තිබේ.