පිලිපීනයේ සංචාරක තහනම ඉවත් කෙරේ

පිලිපීනය ,ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10කට පනවා තිබූ සංචරණ තහනම ඉවත් කිරීමට පියවර ගෙන ඇති අතර අද (06) සිට එම තහනම ඉවත් කෙරෙන බවයි පිලිපීන මාධ්‍ය වාර්තා කළේ.

එලෙස ඉවත් කරනු ලබන්නේ , ශ්‍රී ලංකාව, ඉන්දියාව , බංග්ලාදේශය, පාකිස්ථානය, නේපාලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය , තායිලන්තය, ඕමානය, මැලේසියාව සහ ඉන්දුනීසියාව යන රටවලට පනවා තිබූ තහනමයි.

එරට ජනාධිපති ප්‍රකාශ කර ඇත්තේ, සංචාරක තහනම ඉවත් කළ ද මෙම රටවලින් පැමිණෙන පුද්ගලයින් දින 14ක නිරෝධායන කාලයකට ලක්විය යුතුව ඇති බවයි.

Exit mobile version