පිහිනුම් තටාකයෙන් මතු වූ විදේශිකයාගේ මළ සිරුර.

වාද්දූව ප්‍රදේශයේ පිහිටා ඇති සංචාරක හෝටලයක් පිහිනුම් තටාකය තුළ තිබී කොරියානු ජාතික පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව ඇත.

වාද්දූව පොලිසිය සඳහන් කළේ අදාළ පුද්ගලයා ඊයේ (17) පස්වරුවේ එම හෝටලය වෙත පැමිණ ඇති බවයි.

පිහිනුම් තටාකය තුළ මුනින් අතට වැටී සිටි විදේශිකයා අද උදෑසන හෝට‌ලයේ සේවකයෙකු විසින් සොයාගෙන හෝටල් කළමනාකාරිත්වයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

අනතුරුව ඔවුන් විසින් වාද්දුව පොලිසිය වෙත කරන ලද දැනුම් දීමකට අනුව පොලිසිය ම ස්ථානයට පැමිණ ඇත.

වයස අවුරුදු 43ක් වන දකුණු කොරියානු ජාතිකයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.

Exit mobile version