පිහිනුම් තටාකයේ වැරදුනු පිම්ම.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටි විදේශිකයෙක් අවාසනාවන්ත ලෙස මියගොස් ඇති පුවතක් ඊයේ (18) වාර්තා විය.

හෝටලයක පිහිනුම් තටාකයක් තුළ මියගොස් සිටිය දී මෙම විදේශිකයාගේ සිරුර සොයාගෙන ඇත්තේ එම හෝටලයේ සේවකයෙක් විසින්.

මෙසේ මියගොස් ඇත්තේ දකුණු කොරියානු ජාතික වයස අවුරුදු 43ක් වන පුද්ගලයෙකි.

මොහු  එම අනතුරට ලක්වන අයුරු ඔහුගේ ජංගම දුරකථනයේ පටිගත වී තිබු බව පොසිලිය සඳහන් කරයි.

වාද්දූව ප්‍රදේශයේ හෝටලයක මෙම සිදුවීම සිදුව ඇති අතර මෙම විදේශීය ජාතිකයා විසින් සිය කැමරාව පිහිනුම්තටාකය අසල සවිකර පිහිනුම්තටාකයට පනින අයුරු එම වීඩියෝ පටයේ දක්වා ඇත.

පොලිසිය සැකකරන්නේ තටාකයට පනින අවස්ථාවේ දී ඔහුගේ හිස පිහිනුම් තටාකයේ පතුලේ ගැටීමෙන් සිදුවූ අනතුරෙන් මෙම මරණය සිදුව ඇති බවටයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ක්‍රියාත්මකයි.

Exit mobile version