පිළිකා රෝගීන් දැඩි අපහසුතාවයක .

මහනුවර ජාතික රෝහලේ පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර කිරීම සදහා යොදා ගන්නා ලීනියර් ඇක්සලේටර් යන්ත්‍රය අලුත්වැඩියා නොකිරීම හේතුවෙන් පිළිකා රෝගීන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව වාර්තා  වේ. මෙම යන්ත්‍රයෙන් දිනකට  රෝගීන් 80 දෙනෙකු පමණ ප්‍රතිකාර ලැබුවද එම යන්ත්‍රය නොමැති වීම නිසා මේ වන විට ඉතා අවම නිරවද්‍යතාවයක් පවතින “ කොබෝට් 60 “ යන විකිරණ ප්‍රතිකාර යන්ත්‍රය යොදා ගන්න බව සදහන්  කරයි.

පසුගිය 14 වන දින සිට මෙම යන්ත්‍රය අක්‍රිය වීම නිසා රෝගීන් දැඩි අපහසුතාවයකට පත්ව ඇතත් මෙම යන්ත්‍රයේ නඩත්තු කටයුතු සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිදු පියවරක් ගෙන නොමැති බව වාර්තා වේ.

Exit mobile version