පීඩාවට පත් ශිෂ්‍යත්ව සහ උසස්පෙළ ළමුන්

අද (15) දිනය තුළ දී ශිෂ්‍යත්ව විභාගයට සහ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයට අදාළ අයදුම්පත් යොමු කිරීම සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණ ගැනීමට නියමිතව ඇත.

මෙම විභාගවලට අදාළ අයදුම්පත් යොමු කිරීම සඳහා අද දින දක්වා විදුහල්පතිවරුන්ට කාලය ලබා දී ඇත.

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් මේ වන තෙක් අයදුම්පත් යොමුකර නොමැති බවයි වාර්තා වී ඇත්තේ.

කෙසේ වෙතත් ගුරු – විදුහල්පති වෘත්තීය සමිති පෙන්වා දී ඇත්තේ මෙම කාලය තවදුරටත් දීර්ඝ කළ යුතු බවයි.

Exit mobile version