ලෝකයේ ඕනෑම ආයතනයක මෙන්ම ප්‍රජාවක අන්වර්ථ නාමයන් සැකසී තිබෙන අතර ඒවායින් සේවකයන්ගේ අතර දැඩි විනෝදයක් ඇති වෙමින් කාර්යශුර බවක් ඇති වේ. කෙසේ වෙතත් සමහරුන්ට නම් තමන්ගේ අන්වර්ත නාමයට වෛර කරති. ඔහු වෛර කලද ඔහුගේ කේන්තිය නිසා සහ ඔහුගේ නම නිසා ආයතනයේ සේවය කරන අනෙකුත් සේවකයන්ගේ විනෝදාශ්වාදය තුලින් ඔවුන්ගේ වැඩ කිරීමේ කාර්යසූරත්වය වැඩි වේ.
ලොව පුරා සිටින ක්‍රීඩා ආයතන මෙන්ම පුද්ගලයන්ද අන්වර්ථ නාමවල තිබෙන වැදගත්කම හදුනාගෙන තිබේ. නමුත් ක්‍රීඩා කණ්ඩායම් ඔවුන් කරන්නේ කුමක්ද යන්න හරියටම දැනගෙන ක්‍රීඩා කරයි. ඔවුන් දවස අවසානයේ ප්‍රේමනීය රසිකයන් ගොඩනගා ගනී. නමුත් අයතනයක් සේවකයන් එම සේවයේ සන්නාම තානාපතිවරුන් වේ. රාජකාරිය සමග බැදෙන අන්වර්ථ නාමයන් සමගින් ශක්තියත් ඇතිවන නමුත් තමන්ගේ වරදක් නිසා ඇතිව තිබෙන අන්වර්ථ නාමයන් තුලින් යම් වේදනාවක් ද ඇති විය හැකිය. නමුත් කාලයත් සමග එය අපගේ DNA වල කොටසක් සේ බැඳීමක් ඇති කරයි.
කෙසේ වෙතත් අන්වර්ථ නාමයන් ආයතනයකට ඉටුකරන කාර්යභාරය පිලිබඳව පර්යේෂකයෙකු වන මහාචාර්ය ලකී තක්ෂා මහත්මිය විසින් පර්යේෂණයක්ද කර තිබේ. ඔහුට අනුව අන්වර්ථ නාම නින්දිත, කුරිරු මෙන්ම පාලනය කිරීමේ හෝ පහත් කිරීමේ මෙවලමක් ලෙස භාවිතා වන බව සදහන් වේ. නමුත් අවර්ත නාමයන්ගෙන් සිදුවන සේවයද වෙනත් පර්යේෂණවලින් හදුනාගෙන තිබේ.
එසේම අන්වර්ථ නාමයන් ගැන වඩාත් තැකිය යුතු නොවන්නේ ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් පවා “ScoMo” යන අන්වර්ථ නාමයට ගොදුරු උනි. ( එහි තේරුම් නායකත්වය දිය නොහැකි හෝ වැඩකට නැති තක්කඩියෙක් යන්නයි). ඔහුට එසේ සිදුවන්නේ ඔස්ට්‍රේලියාවේ ලැව්ගිනි තිබෙද්දී විනෝද සවාරියක් යාමයි. අන්වර්ථ නාම යනු ඔස්ට්‍රේලියාවට සාමන්‍ය දෙයකි.
ශ්‍රී ලංකාවටද එය විශාල වශයෙන් බලපෑමක් නොකරන නමුත් සෑම ආයතනයකම පාහේ එවැනි තත්වයක් තිබේ. කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනයක් තුළ වැඩිම අන්වර්ථ නාම තබමින් ඉහලටම පැමිණ තිබෙන්නේ බන්ධනාගාර පද්ධතිය වේ. බහුතරයක් නාම සැකසී තිබෙන්නේ රාජකාරියට සම්බන්ධවයි.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය යනු නූතන බන්ධනාගාර ඉතිහාසයේ බිහිවූ ලාබාලතම දක්ෂතම දූෂිත චෝදනා නොමැති නිලධාරියා බව කියා වේ. කෙසේ නමුත් ඔහුගේ එවැනි දේවල් තිබේ නම් අපව දැනුවත් කරන ලෙසද පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු හදුන්වන අන්වර්ථනාමය වන්නේ “පුංචා” වන අතර පුන්චාගෙන් පසුව තවත් උසස් නිලධාරියෙකුට කියන්නේ “උඩ්ඩා” නැතිනම් “බෝතලේ” යනුවෙනි. බෝතලය යනුවෙන් පවසන්නේ ඔහු මත් පැන් ස්වල්පයක් පානය කරන නිසාවෙන් බව ද කියැවේ. තවත් නිලධාරියෙකු පපුව ඉදිරියට දමාගෙන තේජස් ලීලාවෙන් යන නිසා ඔහු හදුන්වන අන්වර්ථ නාමය වී ඇත්තේ “බයිසිකල් හැඩල්” ලෙසයි. තවත් නිලධාරියෙකුට “එස්ටීඑෆ්” යනුවෙන් ආමන්ත්‍රණය බන්ධනාගාරයේ සේවයට එක්වීමට පෙර ඔහු පොලිස් විශේෂ කාර්ය බලකායේ කලක් සේවය කළ අයෙකු නිසාවෙන් ඔහුට එම නම ලැබී තිබෙන බවද කියා වේ.
තවත් හැඩිදැඩි සිරුරක් සහිත කඩවසම් නිලධාරියෙකුගේ අන්වර්ථ නාමය “තලපතා” ය. තවත් බන්ධනාගාර නිලධාරියෙකු “ඕල්කට්” ලෙස හදුන්වන්නේ නිලධාරීන්ගේ අතිකාල දීමනා කපා හරින නිසාය. පුහුණු පාසලක සේවය කරන සෑම දෙයක්ම සොයා බලා කටයුතු කරන ඔහුගේ මහත් බිය නිසා ඔහුගේ නාමය වන්නේ “බය පැකට්” එකය. අන්වර්ථ නාමය “Colombo Seven” (කොළඹ 07) යනුවෙන් හදුන්වන නිලධාරියෙකුද සිටී. ඔහුට එම නම ලැබී ඇත්තේ ඔහුගේ ගම හද්දා පිටිසර ගමක වුවද කොළඹ හතේ කතා ගොඩක් කියන නිසාවෙනි. තවත් බන්ධගාරයක “පොලියා” යන නාමයෙන් හදුන්වන පුද්ගලයෙකු සිටි. ඔහුට එම නම ලැබෙන්නේ මුදල් පොලියට ලබා දීමේ ව්‍යාපාරයක නිරත වන බැවින් වන අතරම “පොලියා” සිටින බන්ධනාගාරයේ “කාවයියා” ලෙස හඳුන්වන්නෙකුද සිටි.
තවත් බන්ධනාගාර ලොක්කෙකුගේ නම සඳහන් කිරීමට නොහැක්කේ ඔහුගේ අන්වර්ථ නාමය සුරතල් එකක් නොවන බැවිනි. තවත් නිලධාරියෙකු පොළොව යට අඩි ගණනක් පෙනෙන අතර රාජකාරිය අතින් ගත් කල පටබැඳුණ අන්වර්ථ නාම වලින් විශේෂ වන්නේ “ලේන්සුවාය”. සෑමවිටම දහඩිය දමන නිසා සෑම විටම ලේන්සුවක් කරේ දමාගෙන සිටි. එම නිසා ඔහු ප්‍රසිද්ධ ලේන්සුවා යන නමිනි. තවත් බන්ධනාගාරයක ජේලර්වරයෙකුගේ නම කියූ සැනින් රැඳවියන් බියෙන් සලිත වී යයි. ඔහුද අවංක භාවයේ අංක එකේ නිලධාරියෙකු නිසා කිසිවකු ඔහුට අභියෝග නොකරයි. ඒ අතර කීටයා ලෙස හදුන්වනු ලබන නිලධරියෙකුද සිටි.
කෙසේ වෙතත් මේ අන්වර්ථ නාමයන් නිසා ආයතනයකට හොඳක් විනා අයහපතක් සිදු නොවේ. එය විද්‍යාත්මකවද සනාත කර හමාරය. බන්ධනාගාරයේ තවත් අන්වර්ථ නාමයන් සමග සමාජ මනෝවිද්‍යාත්මක පැතිකඩයන් සමග ඒවා නිසා ආයතනයන් වර්ධනය වන ආකාරය පිලිබඳව විස්තරද සමග ඊ ලඟ ලිපියකදී නැවත හමුවෙමු.