පුංචි ඡන්දයේ නාමයෝජනා  21 වනදා අවසන් .

පැවැත්වීමට යෝජිත පලාත්පාලන මැතිවරණයේ ඡන්ද විමසීමට අදාල නාම යෝජනා ලැයිස්තු බාර ගැනීම අද දින (18) පෙරවරුවේ සිට   ආරම්භ වන අතර 21 වනදා මධ්‍යාන 12 දක්වා  ක්‍රියාත්මක වන බව මැතිවරණ කොමිෂන් සභාව  දන්වා  සිටී.

 ඒ අනුව ඡන්ද විමසීම පැවැත්වෙන දිනය 21 වනදා මධ්‍යාන 12න් පසුව දැනුම් දෙන බව මැතිවරණ කොමිෂන් සභාව වාර්තා කරයි.

ඔවුන් තව දුරටත් වාර්තා කරනු ලැබුවේ අද පෙරවරුවේ නාමයෝජනා ආරම්භ කරනු ලැබුවද එළබෙන සිකුරාදා (20) දින මධ්‍යාන   දක්වා ඇප මුදල් තැම්පත් කිරීමට අවස්ථාව සලසා දෙන බවයි.

මහජන උපයෝගිත කොමිෂන් සභාව , විදුලිබල මණ්ඩලය , ජල සම්පාදන මණ්ඩලය , ශ්‍රී ලංකා ටෙලිකොම් , ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය , ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යන ආයතන මැතිවරණ කොමිෂන් සභාවට කැදවා ඇත්තේ ඡන්ද විමසීම් කටයුතු පවත්වා ගෙන යාම සදහා අවශ්‍ය සහයෝගය ලබා ගැනීමටයි .

Exit mobile version