ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසන ආකාරයට 2023 වසරේ ගත වූ කාල වකවානුවේ දිවයින තුලට සංචාරකයින්ගේ වර්ධනයක් සහ වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් රුසියාවෙන් වාර්තා වී ඇති බවත් එම සංචරයින් සංඛ්‍යාව 12,064 ක් බවත් වාර්තා වේ.
සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති සඳහන් කරන්නේ ජනවාරි මස තුලදී සංචරකින් 105,000 ක් ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි.
එමෙන්ම ඉන්දියාව , ප්‍රංශය , ජර්මනිය , බ්‍රිතාන්‍යය ආදී රටවල්වලින් පැමිණ ඇති මුළු සංචාරකයින් ප්‍රමාණය 15,886ක් බව සංචාරක සංවර්ධන අධිකාරිය වැඩි දුරටත් සඳහන් කල අතර ඒ අනුව මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව 47,353 ක් බවද ඔවුහු ප්‍රකාශ කරති.