මොස්කව් අගනුවර සිදු වූ පිපිරීමකින් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගේ සමීපතමයෙකුගේ දියණියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
පුටින් ජනාධිපතිවරයාගේ “මොලය” ලෙස සලකන ඇලෙක්සැන්ඩර් ඩූගින්ගේ දියණිය වන ඩාරියා ඩූගින්ගේ මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.
රුසියානු බුද්ධි අංශ සදහන් කළේ ඇය ගමන් කරමින් සිටි මෝටර් රථය හදිසියේ පුපුරා ගොස් ඇති අතර එම ප්‍රහාරය ඇලෙක්සැන්ඩර් ඩූගින් ඉලක්ක කර එල්ල වුවක් බවයි.
ඇලෙක්සැන්ඩර් ඩූගින් සිය දියණිය සමග එකම රථයේ ගමන් කිරීමට සැලසුම් කර තිබුණ ද අවසන් මොහොතේදී එම තීරණය වෙනස් කර ඇති බවයි රුසියානු මාධ්‍ය වාර්තා කලේ.