යම්කිසි පිරිසක් විසින් තියුණු ආයුධයකින් පහර දී තංගල්ල, කුඩාවැල්ල ප්රදේශයේ නිවසකදී පුද්ගලයකු ඝාතනය කොට ඇති බව වාර්තාවේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ නිවසේ හිමිකරු වන අතර මිය ගිය පුද්ගලයාගේ බිරිඳද කැපුම් තුවාල ලබා කබුරුපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.
පහරදීමෙන් මියගොස් ඇත්තේ නාකුළුගමුව, කුඩාවැල්ල ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 64 ක් වන මරක්කල මානගේ සරත් රෝහණ නැමති අයකු බව පොලීසිය සදහන් කර තිබේ.
කුඩාවැල්ල ප්රදේශයේදී සංගීත සංදර්ශනයක් අතරතුර මිය ගිය අයගේ පුතකු සමඟ එම ප්රදේශයේම පදිංචි අයෙකු හා ඇතිවූ බහින් බස් වීමක් හේතුවෙන් මෙම මරණය සිදුව තිබේ.
වාර්තාවන ආකාරයට සංගීත සංදර්ශනය අතරතුර සිදුවූ බහින් බස්වීමෙන් පසු මියගිය අයගේ පුත් එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ. ඔහු සොයා ඔහුගේ නිවසට ගොස් ඇති කිහිප දෙනෙකු විසින් ඔහු නිවසේ නොසිටි බැවින් ඔහුගේ පියාට හා මවට තියුණු ආයුධයකින් පහර දී තිබේ.
මෙම ඝාතනය සදහා සැක කරණ වික්ටර් සුද්දා නැමැති අය හා ඔහුගේ සගයන් අත්අඩංගුවට ගැනීම සදහා තංගල්ල මූලස්ථාන පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
මිය ගිය අයගේ දේහය තංගල්ල මූලික රෝහලේ තැන්පත් කොට තිබේ.