පුද්ගලයින් 15 දෙනෙකු නාවික හමුදා භාරයට .

ශ්‍රී ලංකා නාවික හමුදාව 2023 අගෝස්තු මස 25 සහ 26 දෙදින ලංකාපටුන,කුච්චවේලි හා ත්‍රිකුණාමලය මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මගින්,තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් පහළොස් දෙනෙකු සමග ඩිංගි යාත්‍රා හයක් සහ නීතිවිරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කළ බව වාර්තා වේ.

මෙම මෙහෙයුම් මගින් නාවික හමුදා භාරයට ගත් වයස අවුරුදු 17ත් 38ත් අතර වයසේ පසුවන පුද්ගලයන් ත්‍රිකුණාමලය,ඉචාලම්පත්තු,කුච්චවේලි සහ පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හදුනාගෙන ඇති බව සදහන්.

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන මෙවැනි නීතිවිරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සදහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබන බව වාර්තා වේ.

Exit mobile version