පුද්ගල ඝාතන දෙකක්.

Dead woman lying on the floor under white cloth with focus on hand

පුද්ගලයින් දෙදෙනෙකු නාවලපිටිය සහ හබරණ ප්‍රදේශවලී ඝාතනයට ලක්ව ඇත.

නාවලපිටිය ,ඉඟුරුඔය උතුර ප්‍රදේශයේ දී තුවාල සහිතව බිම ඇදවැටී සිටි යුවළක් නාවලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය වාර්තා කර ඇත.

අදාළ පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහල වෙත මාරුකර යවා ඇති අතර එහි දී ප්‍රතිකාර ලබමින් සිටියදී එම පුද්ගලයා මියගොස් ඇත.එසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 48 ක් වන පුද්ගලයෙකි.

පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පැරණි අමනාපයක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවටයි.

කෙසේ නමුත් ඝාතනය සිදුකළ බවට පුද්ගලයෙකු මේ වන විට හඳුනාගෙන ඇති බව ද සඳහන් වේ.

මේ අතර තවත් පුද්ගල ආරවුලක් හේතුවෙන් හබරණ සේනාධිරියාගම ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කර ඇත.

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මියගිය පුද්ගලයාගේ බිරිඳගේ පියා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිසිය ප්‍රකාශ කරන ලදී.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 38 හැවිරිදි ගැටහැත්ත හිඟුරහේන ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක් වන අතර ඝාතනය සිදුකළ සැකකරු ද තුවාල ලබා දඹුල්ල රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමිනි සිටින බව වාර්තා වේ.

Exit mobile version