පුද්ගල බද්ධ නොවන ආදරය නම් යම් භෞතික ප්රපංවයක් කෙරේ දක්වන චිත්තවේගාත්මක ඇල්මයි.එනම් හෞතික වස්තුවක් කෙරේ දක්වන අසීමිත ඇල්ම මීට අයත්ය.තමාව වඩාත් උපයෝගීවන භේතික වස්තුවක් හෝ එම භෞතික වස්තුව සතු යම් චිත්තාකර්ෂණීය ගුණයක් නිසා ඇතමෙක් මෙසේ භෞතික වස්තූන්ට ආදරය කරයි.
එසේත් නැතිනම් ඇතැම්විය යම් පුද්ගයෙකුට දක්වන ආදරය ඔහු නියොජනය කරන භේතික වස්තුවකට විතැන් වියහැක.උදාහරණ ලෙස තමා ආදරය කරන පුද්ගලයාගේ ඡායාරූපයක්, කටහඩට හෝ ඔහු හෝ ඇය භාවිතකළ වස්තුවක් වෙත ආදරය ඇතිවීමට මෙලෙස පුද්ගල බද්ධ ආදරය යම් හේතූන්මත භෞතික වස්තුවක් වෙත විතැන්වෙයි.මනෝ විද්යාත්මකව මෙය වියෝග කාන්සාවෙන් මිදීම සදහා අවිඥ්ඥානිකව භාවිතවන සංරක්ෂණ ප්රයෝගයන් ලෙස හදුන්වයි.
භෞතික වස්තුවක් මෙන්ම සතුන් කෙරේ ඇතිවන ආදරයද පුද්ගල බද්ධ නොවන ආදරයක් ලෙස හදුන්වයි.අදාල සත්වයාගේ දක්නට ලැබෙන යම් ආකර්ශනීය සාධකයක් නිසා හෝ එම සත්වයා හා පුද්ගලයා අතර ඇතිවන භාවාත්මක චිත්තවේගී බැදීම් නිසා සතුන් කෙරේ ආදරය ඇතිවේ.
එබැවින් ඔබ ආදරය කරන්නේ භෞතික කොටසකට නම් ඔබේ ආලය තාවචාලික වේ. එහි භාවාත්මක ආදරයක් නැත. භෞතික කොටස් ලෙස, කාමය, රෑපය, කටහඩ ආදී සියලුම වෙනස්වන කොටස් ඇතුලත්ය. එබැවින්ම ශරීරයේ වෙනස්වන කොටස්වලට නොව මානසිකව ඇතිවන සැබෑ ගුණාංග වලට ආදරය කරන්න.