ගිනිගත්හේන කෙනිල්වර්ත් වතුයායේ ලදු කැලැ ප්රදේශයේ දර කැඩිමට ගිය පුද්ගලයකුගේ මල සිරුරක් 11වන දින ගිනිගත්හේන පොලිසිය විසින් සොයා ගෙන ඇත.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු ගිනිගත්හේන පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ ගිනිගත්හේන අල්ලිවත්ත මහවැලි නිවාස අංක 02 දරණ නිවසේ පදිංචිව සිටි අවුරුදු 45ක් වයසැති කේ. ජි. අයි. සුපුන් නාමල් යන අය 10වන දින දර කැඩිම සදහා කෙනිල්වර්ත් වතුයායේ ලදු කැලැ ප්රදේශයට ගිය බවත් එම අය නැවත නිවසට නොපැමිනි බවට එම පුද්ගලයාගේ පියා විසින් ගිනිගත්හේන පොලිසියට 10වන දින රාත්රියේ පැමිනිලි කල බවත්ය.
එම පැමිනිල්ල මත ගිනිගත්හේන පොලිසියේ නිලධාරින් ඇතුළු පිරිසක් එම ලදු කැලැ ප්රදේශය තුල කරන ලද සෝදිසියකදි කෙනිල්වර්ත් වතුයායේ ලදු කැලැ ප්රදේශයේ ජලය ගලා යන ඇල මාර්ගයක තිබි එම පුද්ගලයාගේ මල සිරුර හමුවු බවද එම නිලධාරියා පැවසිය.
එසේ හමුවු මල සිරුර පශ්චාත් මරණ පරික්ෂන සදහා ගිනිගත්හේන රෝහලට ගෙන ගිය බවත් මේ පිලිබදව ගිනිගත්හේන පොලිසිය වැඩි දුර පරික්ෂන ආරම්භ කර ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.