රත්නපුර, වැලිගෙපොල ප්රාදේශීය ලේඛම් කොඨිඨාශයට අයත් ගොඩකවෙල පොලස් බල ප්රදේශයේ ගල්පාය පොල්වගා ගම ප්රදේශයේ කතෝලික පල්ලියක් සහ කතෝලික ජනතාව පුනරුත්ථාපනය කරන කඳවුරක් ඉදිකිරීමට විරෝදය පා ප්රදේශයේ විහාරස්ථාන කිහිපයක් හිමිවරු සහ විශාල ජනතාවකගේ සහභාගීත්වයෙන් අද (15) එම ප්රදේශයේ රැස්වීමක් පවත්වා තිබේ.
එහිදී එසේ ඉදිකිරීමට යෝජිත කතෝලික පල්ලියට සහ පුනරුත්ථාපන කඳවුරට මහජන විරෝධතාවක් එල්ල විය. විශේෂයෙන්ම බෞද්ධ ජනතාව පමණක් සිටින මේ ප්රදේශයේ එසේ පල්ලියක් ඉදි කිරීමෙන් විවිධ ගැටළු ඇති විය හැකි බවද සාමකාමී ජන ජීවිතයට බාදා ඇතිවන බවද ජනතාව පෙන්වා දී තිබේ .
එම යෝජිත භූමියේ රාත්රියට වෙඩි ශබ්ද ඇසෙන බවද, එම භූමිය තුල සිටින පිටස්තර පුද්ගලයන් රාත්රියට වෙඩි තබමින් මොනරුන් සහ ඉත්තෑවන් මරා ආහාරයට ගන්නා බවද මෙම රැස්වීමේදී අනාවරණය වි තිබේ.
කෙසේ වුවද මෙම ප්රදේශයේ ජනතාව එසේ ම්ලේච්ච ලෙස කටයුතු නොකරන අතර මෙම සිද්ධියද ආගම්වාදී උද්ඝෝෂණයක් වී සමස්ත දේශය පුරාම ඇවිලී යාමට ඉඩ ඇති බව අද පැවති රැස්වීමේදී දැක ගන්නට හැකි වූ බවද අපගේ මාද්ය වේදීන් සදහන් කරයි.
කෙසේ වුවත් මහජන සාමය අපේක්ෂා කරන අප සියලුම දෙනාගේම වගකීම නම් ඔවුන්ගේ සාමකාමී දිවි පෙවෙතට හානි නොවන ලෙස සමාජය පවත්වාගෙන යාමට සහාය දීමයි. ජාති ආගම් කුල මල බේද රටක් ලෙස පසෙක දැමිය යුතු වුවත් මෙම ප්රදේශයන් වල සිටින ජනතාවට ජාති හෝ ආගම් පිළිබදව සංහිදියාවක් ඇති වන ලෙස ජීවත් වී නැති අතර සිටින මිනිසුන් අතර සංහිදියාවෙන් ජීවත් වෙති. එවැනි ප්රදේශයකට මෙවැනි දෙයක් සිදු කරන්නේ නම් ඒ සදහා විවිධ උපක්රම භාවිතා කල යුතු අතර මෙසේ එක් වරම සිදු කිරීමෙන් ජනතාව මෙසේ එක් වී සාමකාමී රැස්වීම් පවත්වා අදාල බලදරීන්ගෙන් ඉල්ලන්නේ ඔවුන්ගේ සාමකාමී දිවි පැවැත්මට හානි නොකරන ලෙසයි
මේ පිළිබදව අප මීට පෙර පල කල පුවත.