පුපුරන ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

මන්නාරම ශාන්තිපුරම් වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකින් නීතිවිරෝධී වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු තොගයක් සඟවා සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

අද (20) දිනයේ දී අදාළ සෝදිසි මෙහෙයුම සිදුකර ඇති අතර එහි දී වෝටර් ජෙල් නමැති පුපුරණ ද්‍රව්‍ය කූරු 7,990ක් සැකකරුවන් සතුව තිබී සොයාගෙන ඇත.

මෙම පුපුරණ ද්‍රව්‍ය තොගයේ මුළු බර කිලෝ 998 ග්‍රෑම් 750ක් වන අතර මෙම පුපුරණ ද්‍රව්‍ය නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම සඳහා යොදා ගැනීමට මෙලෙස සඟවා තබන්නට ඇති බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කරන්නේ.

අත්අඩංගුවට ගැනුනු සැකකරුවන් මන්නාරම ශාන්තිපුරම් සහ වංකාලේ ප්‍රදේශයන්හි පදිංචි වයස අවුරුදු 54 සහ 57 හැවිරිදි පුද්ගලයින් බව වාර්තා වේ.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු නාවික හමුදාව සහ මන්නාරම පොලිසිය විසින් සිදුකරනු ලබයි.

Exit mobile version