ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් 2023 වසරේ මහ කන්නයේ දී පුරන් කුඹුරු අක්කර 12,500ක් යළි වගා කිරීමට සැලසුම් කර ඇති බව වාර්තාවේ.
එම කටයුත්ත සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත රුපියල් මිලියන 430ක මුදලක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි වෙන් කර ඇති බවයි සදහන් වන්නේ.
මෙම මුදලින් පුරන්ව ඇති හා අත්හැර දමා ඇති කුඹුරු ඉඩම් වල විනාශවී ඇති ඇළ වේලි ප්‍රතිසංස්කරණය කිරීම හා එම කුඹුරුවල වැවී ඇති බැද්ද ඉවත් කිරීම වැනි කටයුතු සඳහා යොදවා එම කුඹුරු වගා කටයුතු සදහා සුදුසු තත්වයට පත්කරන ලෙස අමාත්‍යවරයා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇති බව සදහන්වේ.