පුරාවිද්‍යාවේ නිරුවත ජනාධිපති ඉදිරියේ හෙළි වෙද්දී මහවැලියේ ඉඩම් ප්‍රමාණය මහවැලි නිලධාරිනුත් දන්නෙ නෑ.

පෞරාණික ස්ථාන සැකසීම සඳහා ස්වාමීන්වහන්සේලාගෙන් මුදල් අය කර නොගන්නා ලෙසටත් , මහවැලි අධිකාරිය සතුව තොරතුරු නැතිනම් එම අධිකාරිය විසුරුවීමට කටයුතු කරන බවත් රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රධානීන් සමඟ පැවති රැස්වීමක දී ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම ඉඩම් අත්පත් කර ගැනීම සහ වන්දි ගෙවීම සම්බන්ධයෙන් අලුත් නීතියක් සකස් කරන ලෙසත් , එයට සංගමයක් පිහිටුවා ගන්නා ලෙසත් ජනාධිපතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.

තවද අවශ්‍ය කරන ඉඩම් පමණක් රාජ්‍ය සන්තකයේ තබා ගෙන ඉතිරි ඉඩම් ජනතාවට ලබා දෙන ලෙසත් , අවශ්‍ය කරන ඉඩම් වලින් උපරිම ප්‍රයෝජනය ලබා ගන්නා ලෙසත් , එම ඉඩම් කඩිනමින් වැඩි දියුණු කර කෘෂිකර්මාන්තය සදහා යොදා ගන්නා ලෙසත් , ඉදිරි වසර දෙක තුළ  රජයට අයත් සෑම ඉඩමකම ගොඩනැගිල්ලක් ඉදි කරන ලෙසත් ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

” අපි ඉඩම් වලට කරලා තියෙන අපරාධයක් . මිනිසුන්ගේ ඉඩම් අරගන්නවා . ඒවාට වන්දි දෙන්නෙ නෑ.තියාගෙන ඉන්නවා. ඉඩම් තියෙන එකෙන් අපි හරියට ප්‍රයෝජන ගන්න ඕනි. නිකම් ඉඩම් තියා තියලා වැඩක් නෑ . අද රට වැටිලා තියෙන්නේ. ඒවා ඉක්මනට වැඩි දියුණු කරනවා නම් අපිට කෘෂිකර්මයට යොදවා ගන්න පුළුවන්. රජයට අයිති සෑම ඉඩමකම ගොඩනැගිල්ලක් ඇතුල් කරන්න ඕනි. ඊළග අවුරුදු දෙක තුළ. “

වර්තමාන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අනුර මරතුංග යටතේ රට තුළ විශාල වශයෙන් පෞරාණික ස්ථාන විනාශ වෙමින් පැවතියත් ඒ සඳහා ගත යුතු කිසිඳු ක්‍රියාමාර්ගයක් ඔහු විසින් මේ වන තෙක්ම ගෙන නොමැති අතර අප ද අවස්ථා ගණනාවකදීම මේ විනාශයන් පිළිබඳව පෙන්වා දී තිබුණි.

පැරණි පුරාවිද්‍යාත්මක ස්ථාන ආසන්නයේ සහ පැරණි චෛත්‍යයන් උඩ පවා සන්නිවේදන කුළුණු ඉදි කිරීමේදී අපි ඒ බවද පෙන්වා දී තිබෙන නමුත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දිගින් දිගටම කටයුතු කර තිබෙන්නේ රට පුරා සෑම ස්ථානයකටම තිබෙන පෞරාණික ස්ථාන විනාශ වීමට අවශ්‍ය කටයුතු කිරීම් විනා ඒවා ආරක්ෂා කිරීම නොවේ. මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ පෞරාණික දේවල් වලට පවා හානි සිඳු වී තිබුණත් ඔහු මුණිවත රකිමින් ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය විනාශ කිරීමට අවශ්‍ය උල්පන්දම් දෙන බව දිගින් දිගටම පැහැදිලිවම දක්නට ලැබේ.

එවන් වටපිටාවක් තුළ රාජ්‍ය මුදල් භාවිතා කරමින් රටේ ඓතිහාසික උරුමයන් ආරක්ෂා කිරීම පිළිබඳව ජනාධිපතිවරයා මේ ආකාරයෙන් තීන්දු කිරීම විශිෂ්ඨ ක්‍රියාවක් වන නමුත් අනුර මරතුංගලා වැනි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් සිටින තාක්කල් ජනාධිපතිවරයා හෝ මහජනතාව බලාපොරොත්තු වන  කිසිඳු ආකාරයක කටයුත්තක් සිඳු නොවනු ඇත. එබැවින් අනුර මරතුංගලා වැනි රට විනාශ කරන පුරාවිද්‍යා  අධ්‍යක්ෂ ජනරාල්වරුන් මෙම තනතුරින් පන්නා දමා රටට හිතයිෂී අලුත් නිලධාරීන් පත්කර ගැනීමට ජනාධිපතිවරයා ඇතුළු රට පිළිබඳව හිතන රජයේ අමාත්‍යවරුන්ගේ සහ අනෙකුත් දේශී හිතයිෂී ජනතාවගේ වගකීම වේ.මෙම අධ්‍යක්ෂ ජනරාල්වරු සහ ඔහුගේ ගෝල බාලයන් අවුරුදු ගණනාවක් පුරා ලංකාව පුරාම කූට ලේඛන පවා සකසමින් පෞරාණික සිද්ධස්ථාන ඇතුළු අනෙකුත් පෞරාණික දේවල් විනාශ කිරීමට කටයුතු කර තිබෙන බව අප දිගින් දිගටම පෙන්වා දී තිබේ.නමුත් එවකට පැමිණි රජයන් වලින් හෝ කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගෙන සිටීම කණගාටුවට කරුණකි.

Exit mobile version