යහපත් මානව පැවැත්මක් උදෙසා කිසිම පුද්ගලයෙකුට ඉතිහාසය මගහැරිය නොහැක. යමෙකු ඉතිහාසය විනාශ කරන්නේ නම් ඔහු එම දේශයේ විනාශකරුවන්ය. ඉතිහාසය වර්තමානයේ අතීතය සහ අතීත උරුමයන් අධ්‍යනය කරයි. ඉතිහාසය යනු මිය ගිය විෂයක් නොවේ. ඉතිහාසය ජීවමානව කාලය හරහා අතීත උරුමයන් සහ සබදතා පෙන්වා දෙයි. පැරණි සිතුවම්, ගල් කැටයම්, විවිධ ස්ථාන ඇතුළු ඒවා ගොඩනගන ලද පැරණි මිනිසුන් ජීවමාන ඉතිහාසයන් වේ. අප සියලු දෙනාද ජීවමාන ඉතිහාසයන් වේ. අප සියලුම දෙනාම අතීතයෙන් උරුම වූ භාෂා කතා කරයි. අප සියලුම දෙනාම ජීවත් වන්නේ මොහොතකට පෙර නිර්මාණය නොවූ සංකීර්ණ සංස්කෘතීන් , සම්ප්‍රධායන් සහ ආගම් තිබෙන සමාජයන් වලය. මිනිසුන් ලෙස අප සියලු දෙනාම භාවිතා කරන්නේ අප විසින් සොයා ගත් තාක්ෂනයන් නොවේ. එසේම සියලුම මිනිසුන් උපත ලබන්නේද මිනිස් විශේෂයේ මුළු ජීවිත කාලය තුලම පරිණාමය වූ ජාන ලෙස හැදින්වෙන, උරුම වූ ජාන සැකිල්ලක පුද්ගලික ප්‍රබේධයන් සමඟිනි.
එබැවින් අතීතය සහ වර්තමානය අතර සම්බන්ධය අවබෝධ කර ගැනීම මනුෂ්‍යත්වයේ තත්වය පිළිබඳ මනා අවබෝධයක් සඳහා පරම මූලික වේ. තවත් කෙටියෙන් කිව හොත් ඉතිහාසය වැදගත් වන්නේ එබැවිනි. එබැවින් එය ‘ප්‍රයෝජනවත්’ පමණක් නොවේ, එය අත්‍යවශ්‍ය වේ.
ඉතිහාසය ඇයි අපට අවශ්‍ය යන ප්‍රශ්නයට ලැබෙන පිළිතුර එය නම් ශ්‍රී ලංකා උරුමය නසාලන්නේ පරදේශක්කාර ගති ලක්ෂණ තමන්ගේ ජානවල තිබෙන නිසාය. ශ්‍රී ලංකාවේ බොහෝ රාජ්‍ය නිලදාරීන් මෙසේ මව් බිමට එරෙහිව වැඩ කරනුයේ ඔවුන්ගේ ජාන සහ සම්බන්ධ පැරැන්නන් මව් බිම පාවා දීමේ ජාන උරුමකම් නිසා බව විද්‍යාත්මකව ගත් විට සත්‍යයකි.
ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් ඇතුළු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩකට නැති පුරා විද්‍යා පාලනය නිසා මේ වන විටත් ශ්‍රී ලංකාවේ ඉතිහාසය විනාශ වෙමින් පවතී. ශ්‍රී ලංකාව පුරාම අවුරුදු ගනනක සිටම මේ විනාශය සිදු වන්නේ ඔවුන්ගේ වරදිනි. පුරාවිද්‍යාව සුරකින්න තබා එම පනතේ සදහන් වන්නේ කුමක්ද යන්නවත් ඔවුන් නොදන්නා බවට සාක්ෂිද අප සතුව තිබේ.
මීට අවුරුදු 10 කට පමණ පෙර උග්ගල් අලුත් නුවර කුඩා කතරගම දේවාලයේ දිග්ගෙය හාරා අලුතින් බිම සකසා ව්විද පුද්ගලයන්ගේ නම් සදහන් කර තිබේ. නමුත් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව එදත් නින්දේය. එම දේවාලය ඉදිරිපිට ඇති පැරණි මුරගල් දෙක විනාශ කර මහා විශාල වලක් හාරා තිබෙන බව සහ සැක කරුවන්ද පොලිස් පරීක්ෂන වලදී අනාවරණය වී තිබුනද පුරාවිද්‍යා අධ්‍යක්ෂක තවමත් නින්දේය. ඇඹිලිපිටිය පනඩුව වෙහෙර බින්ද යාය නම් ගමේ පිහිටි රන්මිණි කොත චෛත්‍යයේ ඉදිකිරීමක් පිළිබදව කල පැමිනිල්ලටද පිළිතුරු ලබා දී තිබෙන්නේ එහි පුරාවිද්‍යා වටිනාකමක් නැති බව සදහන් කරමිනි. කෙසේ වුවද පොලිසියට ලබා දී තිබෙන්නේ පසුගිය දෙසැම්බර් මාසයේදී සැකසු ලිපියක් වුවත්, පසුගිය හත් වැනි මාසයේ ලබා දෙන ලද දින රහිත ලිපියකින්ම පුරා විද්‍යා අධ්‍යක්ෂකගේ වරද පැහැදිලිවම අනාවරණය වුවද පොලීසිය තවමත් නිහඩය. නමුත් පුරා විද්‍යා අධ්‍යක්ෂක ජනරාල් නියමිත පරිදි පනත කියවා නැති බවත් පුරා වස්තූන් පිළිබදව පනතක් තිබෙන්නේද යන්නවත් ඔහු නොදන්නා බව පැහැදිලිවම ලිඛිතව දැකිය හැකිය.
එසේම මහනුවර ශ්‍රී දළදා මාලිඟාවේ සහ ඒ අවට සිදු කර තිබෙන කැනීම් , දළදා මාලිගාව ඉදිරිපිට තිබෙන දිය අඟල හිස් කිරීම, එහි තිබු මඩ ඉවත් කිරීම, ශ්‍රී දළදා කරඩුව තැන්පත් කර තිබෙන ස්ථානයට ආසන්නයේ උමගක් හෑරීම, එම භූමියේ තැනින් තැන විවිද කැනීම් කිරීම, බෝල්තුබේ සමන් දේවාලයේ තිබු රාවණා රජුන්ගේ දඩු මොනරේ ආකෘතිය සහ රත්තරන් මණ්ඩය, රත්නපුර ශ්‍රී සුමන සමන් දේවාලයේ තිබු පුෂ්පරාග මානික්‍ය ආදී අතුරුදහන් වූ සහ විනාශ වූ තවත් බොහෝ දේ පුරවැසියන් ලෙස ද අපට ලිවිය හැකිය.
එසේම උඩවලව ආදී වන උද්‍යාන ඇතුලත විශාල වශයෙන් පැරණි සිද්ධස්ථාන වැනසෙමින් පවත්තින්නේ දේශයට වින කරන පුරා විද්‍යා අධ්‍යක්ෂක ප්‍රමුඛ සමහරක් දේශයට වින කරන ජාන උරුමක්කරුවන්ගේ වරදිනි.
පුරා විද්‍යා විනාශයක් පිළිබද පැමිණිල්ලක් පොලිසියට ගිය විට නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසියද නීතිය නොදන්නා බව පැහැදිලිය. පොලිස් නිලදාරීන් පුරා විද්‍යා පනත කියවා තිබෙන්නේ නම් ,” හොරාගේ අම්මාගෙන් පේන ඇසිය යුතු නැත”. දේශයට ආදරය කරන මිනිසුන් , නීතිය සහ රාජකාරිය සිදු නොකරන මිනිසුන්ගේ පවුල් වලට පවා සාප කන අතර දරු පැටවුන් පවා ජීවත් වන්නේ නිසි ලෙස රාජකාරිය සිදු කිරීම වෙනුවෙන් ජනතාව ලබා දෙන වැටුපෙන් නිසා බව ඔවුන්ට නොපෙනුනද, ඔබේ ඉරණම දෙස තුන්වෙනි ඇසක් බලා සිටින බව ඔබගේ හෘදය මැනවින්ම සාක්ෂි දරයි.
අපරාධකරුවන්, හොරුන්, දූෂිතයන්, වංචනිකයන් ඇතුළු නීතියක් ක්‍රියාත්මක නොකෙරෙන රාජ්‍ය නිලදාරීන්ගෙන් සහ නීතියට ගරු නොකරන විශාල මහජනතාවක් නොහොත් විශාල අපරාධ කරුවන් සිටින බවට ඉතිහාස ගතවන යුගයක් ලෙස ශ්‍රී ලංකා ඉතිහාසය තුල මේ යුගය ලියවෙනු ඇත. වැඩ වරමින් ජනතාව පීඩාවට පත්කරන පටු ආත්මාර්ථකාමී මිනිසුන් ට දේශයක් හෝ අනාගත පරපුරක් අවශ්‍ය නැත.
දැලිවල කොටවෙහෙරේ පුරාවස්තු මංකොල්ලය.
කොල්ලකෑ පුරාවස්තු අතර රන් කරඬු 07යි, පළිඟු කරඬු 03යි, දාගැබේ පැරණිම අනුරුව ගැන කියවෙන ලොව එකම අනුරුව ද ඒ අතර වේ.
මෙහි සඳහන් චෛත්‍ය මිහිඳු හිමිගේ අනුශාසනය පරිදි දෙවන පෑතිස් රජ දවස කරන ලද දැලිවල කොටවෙහෙරේ ගර්භයෙන් හමුවූ ලෝකයේ දුර්ලභම පුරාවස්තු රැසක් මෙසේ ඊයේ රාත්‍රියේ කොල්ලකරුවන් විසින් පැහැරගෙන ඇත.
මෙසේ පැහැරගන්නා ලද කරඬු අතර ලොව ස්ථුප වංශකථාව කියවෙන ලෝකයේ හොඳින්ම ආරක්ෂා වී ඇති අතිශය පෞරාණික දාගැබ් අනුරුව වශයෙන් සැලකෙන රන්මුවා කරඬුව ද වන බව වාර්තා වේ.
මෙම දාගැබ දෙවන පෑතිස් රජ සමයේ ඉදිකරන ලද්දක් වන අතර මේ වන විට මෙරට තුළ කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක් නොවූ එකම පෞරාණික දාගැබ් වහන්සේ වේ.
මෙනිසාම මෙම දාගැබ තුළ නිධන් කර තිබූ කරඬු අතිශයින්ම වැදගත් වන්නේ එම නිර්මාණයන් මිහිඳු මාහිමියන්ගේ උපදෙස් මත දෙවන පෑතිස් රජ දවස මෙරට සිටි වාස්තු ශිල්පීන් විසින් ඉදිකරන ලද්දක් බවට ෙඵතිහාසික දත්තයන්ගෙන් සනාථ වීම හේතුවෙනි.
මේ පිළිබඳව වඩාත් වැදගත් කරුණ වන්නේ මෙතරම් විශිෂ්ඨ අයුරින් ෙඵතිහාසික වශයෙන් ලොව දාගැබ් ස්වරූපය ආරක්ෂා වී තිබූ එකම අනුරුව මෙය වීමයි.මෙය වර්ෂ 1957 දී පෙබරවාරි මස 04 වනදා පුරාවිද්‍යා කැණීමකින් සොයාගෙන ඇත.
ඉන් අනතුරුව 2001 වසරේ දී සිදුකළ කැණීමකින් තවත් රන් කරගඩු 07ක් සොයාගෙන ඇත.1957 වසරේ දී සිදුකරන ලද කැණීමෙන් චෛත්‍යයේ සතර දිශාවේ ස්ථූපයේ අනුරූ සහිත ශිලාමය කරඬු 04ක් හමුව ඇත.බටහිර දිග ශිලා මංජුසාව සතුව තිබී 1957 පෙබරවාරි මස 04 වනදා දඹරන් කරඬුවක් හමුව ඇත.එම දඹරන් කරඬුව තත්කාලීන දාගැබ් සම්ප්‍රදායේ පූර්ණ අනුරුවක් විය.
ජනප්‍රවාදයේ සඳහන් වන්නේ මෙම චෛත්‍ය මිහිඳු හිමියන්ගේ අනුශාසනා පරිදි දේවානම්පියතිස්ස රජුගේ බාල සොහොයුරෙකු වූ මෙම ප්‍රදේශය පාලනය කරන ලද තිස්ස කීර්ති යුවරජ විසින් කරවන ලද්දක් බවටයි.ප්‍රවාදයට හේතු වූ සාධකය වන්නේ දාගැබෙට නුදුරින් පිහිටා ඇති ගල් ලෙනක සටහන්ව ඇති “තිස කිතස ලෙනෙ අගත අනගත චතුදිස සගස දිනෙ” වශයෙන් බ්‍රාහ්මීය අක්ෂරයෙන් සටහන් කර ඇති ශිලා ලේඛනයයි.ඉන් කියවෙන්නේ තිස්ස කීර්ති නමැති නැමැත්තෙක් මහා සංඝයාට සාංඝීකකොට පිරිනැමූ ලෙනක් යන්නයි.
කෙසේ නමුත් මෙහි ඉතා පැහැදිලි සාධකය වන්නේ මෙම දාගැබ දෙවන පෑතිස් රජ දවස මිහිඳු හිමියන් ජීවමානව වැඩවසන සමයෙහි ඉදිකරන ලද්දක් බවයි.