පුරාවිද්‍යාව වැනසෙයි. ඉතිහාසය මැකී යයි.

1940 අංක 09 දරන පුරාවස්තු පනත, 1998 අංක 24 දරන පුරාවස්තු සංශෝධන පනත, 2005 අංක 12 දරණ දඩමුදල් වැඩි කිරීමේ සංශෝධන පනත, සහ 1979 අංක 07 දරණ සන්තකය ආපසු ලබා ගැනීමේ පනත, සහ පනත් වලින් ශ්‍රී ලංකාව තුල පවතින කෞතුක භාණ්ඩ, ඉඩම් සහ අනෙකුත් සියලුම ෙඓතිහාසික උරුමයන් ආරක්ෂා කිරීමට අවශ්‍ය රැකවරණය ලබා දී තිබෙනවා. මෙම පනත් වල ඇති කරුණු ක්‍රියාවට නැංවීම පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ගේ වගකීම සහ රාජකාරිය වේ.

දේශයක,  ජාතියක හෝ යම් ප්‍රජාවක ඉතිහාසය යනු, එම උරුමක්කරුවන්ගේ අතීතය පිළිබද දැනුම හා අධ්‍යනයයි. එතුලින් අප කව්රුන්ද?, අප පැමිණියේ කොතනින්ද?, යන්න සහ අප ගමන් කරන්නේ කොතනටද? යන්න සහ අප ගමන් කරන්නේ කොතනටද? යන්න හෙළි කල හැකිය.  වෛද්‍ය, සංගීතය, කලාව, නීතිය වැනි සෑම විෂයකටම සහ ක්ෂේත්‍රයකටම ඉතිහාසයක් ඇත. ඉතිහාසය අධ්‍යනය කිරීමෙන් මිනිසුන් සහ සමාජයන් හැසිරුණු ආකාරය නිරීක්ෂණය කිරීමට සහ තේරුම් ගැනීමට වර්තමානයට ඉඩ සලසන අතර නිදසුනක් ලෙස ජාතියක් සාමයෙන් සිටියදී ඇති වූ යුද්ධය දෙස ආපසු හැරී බැලීමෙන් , යුද්ධයේ විනාශය තක්සේරු කල හැකිය. ඉතිහාසය තුලින් නීති සම්පාධනය කිරීම සදහා භාවිතා කරන දත්ත හෝ සමාජයේ විවිධ අංශ පිළිබද න්‍යායන් සපයයි.   

එපමණක්ද නොව, අන්‍යතාව පිලිබද හැගීම මිනිසාට ලබා දීමට ඉතිහාසයට හැකිය. ලොව පුර සියලු රටවල්වල ඉතිහාසය උගන්වනුයේ මේ හේතුව නිසාය. අන්‍යතාවය  තුලින් ගොඩ නගනුයේ රටවල්, පවුල් සහ කණ්ඩායම් බිහි වු ආකාරය කාලයත් සමග ඒවා පරිණාමය වූ හා වර්ධනය වූ අකාරය ගැන ඉතිහාසය තුලින් ඉගෙනගෙන එහි වූ වැරදි නිවැරදි කරමින් තම රට, පවුල හෝ කණඩායම ගොඩ නැගිය හැකිය.

කෙසේ වුවත් ශ්‍රී ලංකාව තුල , දසත විසිරී තිබෙන පෞරාණික ස්ථාන ශ්‍රී ලාංකිකයන්ගේ අතීත ශක්තීන් විදහා පෑවත්, ඒවා ආරක්ෂා කිරීම සදහා නිසි වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වන බවක් දක්නට නොලැබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතුද ඉතාම මන්දගාමී ලෙස සිදු වන බව පෙනෙන්නට තිබේ.    අපට දක්නට ලැබෙන බොහෝ ස්ථාන දෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඇස නොගැටීම මහා විශාල ඛේදවාචකයකි.

Exit mobile version