පුරා විද්‍යාත්මක වටිනාකමින් යුතු #වව්නියාව #නෙදුන්කර්නි #වඩ්ඩමාන පර්වත විහාරය අනතුරේ..❓⚠️️

පෙර රජ දවස සිට පැවත ගෙන එන ආගමික සිද්ධස්ථාන වලට සීමා මායිම් නොමැත.රජුගේ අණසකට අනුව සක් පිඹීමෙන් හෝ බෙර වැයීමෙන් සලකුණු කරන ලද සීමා මායිම් අද දක්නට නොමැත.ඒ සම්බන්ධයෙන් පිහිටුවන ලද ශිලා ලේඛන හා වෙනත් අභිලේඛනයන් ද විනාශ වී ගොස් හමාරය.මේ තත්ත්වය වර්තමානය වනවිට කෙමෙන් විශාල ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. වව්නියාවේ නෙඩුන්කේණි ප්‍රදේශයේ පිහිටි වඩ්ඩමාන පර්වත විහාරයට මේ වනවිට සිදුව ඇත්තේ ද සීමා මායිම් හා අයිතිය පිළිබඳව වූ ප්‍රශ්නයකි.

යුද සමයේදී මේ බෞද්ධ සිද්ධස්ථානය පිළිබඳව අවධානය යොමු කිරීමට කවරකු හෝ නොමැති වීම නිසා යුද්ධයෙන් පසුව එළැඹි සාම කාලයේදී එම ස්ථානය අවට ගම්වාසීන්ගේ බැල්ම වැටුණි. ඔවුහු එහි ගොස් මල් පහන් පුදා ආගමික වතාවත්වල නිරත වූහ. ක්‍රමයෙන් මේ තත්ත්වය වර්ධනය වී වසර හතරක් පහක් වනවිට වඩ්ඩමාන පර්වත විහාරය ශිව කෝවිලක් බවට පත්ව තිබේ. වර්තමානයේදී පළාතේ ජනතාව මේ ස්ථානය හඳුන්වනු ලබන්නේ වෙඩුක්කුනාරී ආදී #ලිංගේස්වර #කෝවිල වශයෙනි.

මේ වඩ්ඩමාන පර්වත විහාරයට වව්නියාවේ සිට යා හැකි මාර්ග කීපයක්ම වෙයි.
♻️ ඉන් ප්‍රධාන තැනක් ගන්නා මාර්ග දෙක ඕමන්ත හරහා ගොස් මරයීලුප්පෙයි ප්‍රදේශය හරහා ගමන් ගන්නා කැලෑබද මාර්ගයයි.
♻️ අනෙක් මාර්ගය වන්නේ වව්නියාවේ සිට ඒ-9 මාර්ගය ඔස්සේ පුලියන්කුලම දක්වා ගොස් නෙඩුන්කේණිය හරහා මේ ස්ථානයට පිවිසීමයි.

විශාල පර්වතයකින් යුත් මේ සිද්ධස්ථානය අක්කර හතර හමාරක පහක පමණ භූමියකින් සමන්විත වෙයි.කන්ද තරණය කිරීමට එක් පසෙකින් ගල්වලින් සකසන ලද ගල් පඩි පෙළක් ඇත.ඒ මුදුනට ළඟා වූ විට ගල් ලෙන් කීපයක්ම දැකිය හැකිය. මේ වනවිට එම ගල් ලෙන් පෙළෙන් හතරක් ඉතාම පිරිසිදුව හා නෂ්ටාවශේෂ නොවී පවතී.අතීතයේදී භාවනායෝගී භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් මේ ස්ථානයේ සිටි බවට සාධක තිබේ.

ගල්ලෙන් සියල්ලම දෙවන සියවසේදී පමණ කරවන්නට ඇති බවට ඒවායෙහි සඳහන් බ්‍රාහ්මී අක්ෂර අනුව පැහැදිලි වන අතර එම ලිපිවල සඳහන් පාඨයන් පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමියන් විසින් “නැගෙනහිර හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය” ග්‍රන්ථයේ දක්වා ඇත්තේ මෙසේය.

  1. මහ ශමුද පුත ගුතශ ලෙණෙ ශගශ පරුමක බමදත පුත (මහ ගුතහ ලෙනේ.මහා සමුද්‍රගේ පුත්‍ර ගුතගේ ලෙණ සංඝයාටය. ප්‍රමුඛ බමදතගේ පුත්‍ර මහගුනගේ ලෙණයි.)
  2. බත වුඩ තිශහ ලෙණේ.(ස්වාමි වූ චූලතිශගේ ලෙණයි.)
  3. පරුමක පුශමිත පුතශ මහ ලෙණේ අගත අනගත චතුදිශ සගශ (ප්‍රමුඛ පුෂමිතගේ පුත්‍රයාගේ මහලෙණ පැමිණි නොපැමිණි සිව්දිග සංඝයාටය.)

ලෙන්වල කටාරම් ලිපි වශයෙන් දැකිය හැකි මෙම පාඨයන් අනුව මහා ශමුද ගුත, බමදත, වුඩ්තිශ, පුශමිත වැනි දායකයෝ මේ ලෙන් තනා පූජා කොට තිබේ.

එහෙයින් ඔවුන් අනිවාර්යයෙන්ම එවකට එම පළාතේ සිටි ආර්ය සිංහල බෞද්ධයෝ විය යුතුය. දායකයන් පිළිබඳව නාමයන් සඳහන් වූවත් එම කාලවකවානුවේදී මේ වඩ්ඩමාන පබ්බත විහාරයට අනුග්‍රහය දක්වන ලද හෝ කරවන ලද රජතුමකු පිළිබඳව නිශ්චිතව යමක් කිව නොහැකි වේ. නමුත් ලෙන්වල කොටා ඇති කටාරම් ලිපිවල සඳහන් බ්‍රාහ්මීය අක්ෂර කියවිය හැකි නිසාත් ඒවා කොටා ඇත්තේ රා.ව. දෙවන සියවසේ මුල්භාගයේදී නිසා මේ ස්ථානය පිළිබඳව විධිමත් ගවේශනයක යෙදෙන විද්වතකුට ශ්‍රී ලංකා රාජ්‍ය නාමාවලිය සුවිශේෂී ලෙස පරීක්ෂා කිරීම තුළින් ඊට පැහැදිලි අදහසක් ලබා ගත හැකිය.

තොරතුරු ඉදිරිපත් කළේ 2018 වසරේදීය.

වෙඩුක්කුනාරී හින්දු පුදබිමකට සිංහලයින් අයිතිවාසිකම් කියන බව හුවා දක්වමින් ඊනියා ජාතිවාදී දේශපාලනඥයින් පිරිසක් මේ ස්ථානයේ අයිතිය ඉල්ලා උද්ඝෝෂණ කළහ.අවසානයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ද නිර්දේශය මත බෞද්ධ නටබුන් පිහිටි ස්ථානයට මීටර් 500 ක් දුරින් කෝවිලක් ඉදිකර ගැනීම සඳහා හින්දුන්ට අවස්ථාව ලැබුණි.

නමුත් මෙහිදී පැන නගින ප්‍රශ්න රාශියක්ම තිබේ. ඉන් එකක් වන්නේ හින්දු දහම තුළ කටාරම් කෙටූ ගල්ලෙන් මෙතෙක් දක්නට නොමැති වීමය. දෙවැන්න වන්නේ බෞද්ධ සම්ප්‍රදායට අනුව ඉදිකෙරෙන ස්තූප ඉදිකිරීමක් ද ඒ දහම තුළ දක්නට නොලැබේ.කෝවිල් සංස්කෘතිය තුළ ශ්‍රී පතුල් නොමැත. ආසනඝර නැත. ශිලා ලේඛන ඇත්තේ ඉතාම අල්පයකි.

අනෙක් කාරණය වන්නේ කටාරම් ලිපිවල සඳහන් නාමයන් එකක් හෝ දෙමළ ජාතිකයින්ගේ නම් නොව ආර්ය සිංහල බෞද්ධයින්ගේ නාමයන්ය. ලියැවී ඇති අක්ෂර බ්‍රාහ්මීය අක්ෂරයන්ය.

මේ කාරණා ගැන සලකා බලනවිට වැඩික්කිනාරිමලේ ලෙසින් දෙමළ ජනතාව හඳුන්වන වෙඩුක්කුනාරී පර්වතය හා ඒ අවට පුරාවස්තු හින්දු දහමට අයත් ඒවා නොවන බව ඉතාම පැහැදිලිය.එනම් මේ ස්ථානය වඩ්ඩමාන පබ්බත විහාරය වෙයි.

කාගේ හෝ අතපසුවීමකින් ‍හා නොසැලකිල්ලෙන් සිදුව ඇති හානිය ඉතා විශාලය. මෑත අතීතයේ දී වූ මෙම වරද නිවැරදි කරවා ගෙන නෙඩුන්කේණියේ වඩ්ඩමාන පර්වත විහාරය ඒ නමින් සුරැකීමේ කාලය එළැඹ ඇත.

සිං/හ/ල බෞද්ධ උරුමය හෝ දෙ/ම/ළ හින්දු උරුම එසේත් නැතිනම් මු/ස්/ලි/ම් පල්ලියක උරුමය යනු එක් එක් ජාතියක සංස්කෘතික ආගමික සමාජයීය උරුමයකි

එහෙත් ⁣රටක ඓතිහාසික පුරවිද්‍යාත්මක වට්නාකමි සහිත කවර හෝ උරුමයක අයිතිය මුළු රටටත් ලෝකයටත් අයිති දෙයක් මිස එය එක් ජාතියකට හෝ ආගමක තනි අයිතියට පත්වන එකක් නොවේ

මේ නිසා මෙම පුරාවිද්‍යා ස්ථාන රැක ගැනීම පුරාවිද්‍යාවට පමණක් අයිති වගකීමක් ද නොවේ.එය පාලකයන්ට බළධාරීන්ට නීතියට සහ සමස්ථ රට වැසියන්ටම අයිති වගකීමකි යුතුකමකි

පසුගිය දිනෙක පොලිසිය බලාගෙන සිටියදීම පුරාවිද්‍යා සංරක්ෂිත වවුනියාව නෙඩුන්කේනි වඩ්ඩමාන විහාරයේ පුරාණ දාගැබ කඩා පිරිසක් විසින් ශිවලිංගය තබා තිබේ. වව්නියාවට එය වෙනම නීතියක්ද යන්න අසන්නට උවමනාය

පුරාවිද්‍යා පනත රටේ නීතිය පොලිස් නිළධාරීන් බළධාරීන් සියල්ලම නෑසුකන්ව සිටිනු දැකිය හැකිය.මේ කාරණා වලදී නීතිය ක්‍රියාත්මක විය යුතුය දේශපාලකයන් බලය සදහා පමණක් පොර අල්ලමින් කුලල් කා ගනිමින් තිබේ.

එම නිසා ඊනියා දේශපාලන හෝ ආගම්වාදී ජාතිවාදී බලහත්කාරකම් හරහා විනාශ වන මෙම පුරාවිද්‍යා ස්ථාන රැක ගැනීමට අදාල බළධාරීන් ගේ වගකීම වන්නේය.

ජාතිකවාදය ගැන කතා කරන හෙළ බෞද්ධ උරුමය ගැන කතා කරන දේශපාලකයන් සහ පූජ්‍ය පූජක පක්ෂයද අඳුරේ අතපත ගාමින් තම තමන්ගේ වෙනත් න්‍යාය පත්‍ර අනුව කටයුතු කරමින් තිබේ.

නිසි බළධාරීන් ගේ අවධානය මේ සඳහා යොමු වේවායි පතමි.

දිනමිණ පුවත් පත
02.04.2023

Exit mobile version