අද (11) පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ හට මෙම මස 17 වනදා දක්වා විදෙස් ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කර ඇත.
එමෙන්ම මේ වන විට අමාත්‍යවරියට සිය පුරවැසිභාවය සම්බන්ධයෙන් චෝදනාවක් ද එල්ල වී තිබේ.ඒ බ්‍රිතාන්‍යයේ සහ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවසිකමක් සහිත ගමන් බලපත්‍ර දෙකක් ඇය සතුව පවතින බවටයි.
කෙසේ වෙතත් ඩයනා ගමගේ යනු පුවත් මවන්නියකි.පසුගිය දිනවල කන්සා නීතිගත කිරීම සම්බන්ධයෙන් හඬ නැගු තැනැත්තියක ලෙස සමාජයේ බොහෝ ලෙස කතාබහට ලක් විය.එම උණුසුම යටපත් වීමටත් ප්‍රථම මේ වන විට ඇය සම්බන්ධයෙන් ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ පුවතක්ද වාර්තා වේ.