ඊයේ රාත්‍රියේ (21) ඕවිස්ස වල්පොලපිටිය ප්‍රදේශයේදී පූජාපිටිය පොලිසියේ නිලධාරීන්ට ප්‍රහාරයක් එල්ල වී තිබෙන අතර උප පොලිස් පරීක්ෂකවරයෙකු රෝහල් ගත කර තිබේ.
ඊයේ රාත්‍රියේ පොලිස් හදිසි ඇමතුම් අංකයට (119) ලැබුණු පැමිණිල්ලක් විමර්ෂණය කිරීම සදහා ඕවිස්ස වල්පොලපිටිය ප්‍රදේශයට ගිය පූජාපිටිය පොලිසියේ නිලධාරීන් පිරිසක් මෙම ප්‍රහාරයට ලක්ව තිබේ. පොලිස් හදිසි ඇමතුම් අංකයට එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන්නේ ඕවිස්ස වල්පොලපිටිය ප්‍රදේශවාසීන් විසින් බවද මධ්‍යම රාත්‍රී වන තෙක්ම පවත්වා ඇති මත්පැන් සාධයක් නිසා නිසා ගම්මුන්ට ඇතිව තිබෙන අපහසුතාවය මෙම පැමිණිල්ලෙන් කියවී ඇති බව ද පොලිස් ආරංචිමාර්ග සදහන් සදහන් කරන ලදී.
පොලිස් නිලධාරීන්ට පහර දී තිබෙන්නේ එම සාදයේ සිටි පිරිස් බව සදහන් වේ. එම පහර කෑමෙන් තුවාල ලැබූ උප පොලිස් පරීක්ෂකවරයා ලබා මැදවල රෝහලේ ප්‍රතිකාර ලබන අතර පොලිස් ජීප් රථයටද ඔවුන් පහර දී තිබෙන බවද ආරංචි මාර්ග සදහන් කරයි. මෙසේ පහර දුන් බවට සැකපිට දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙන අතර අනෙත් පුද්ගලයන් සොයා පූජාපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.