පූර්ණ ශ්‍රවනාබාධිත පුද්ගලයන්ටත් රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ අවස්ථාවක් හිමිව ඇත.
වසර 40ක් පුරාවට ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනය විසින් කරන ලද ඉල්ලීම සලකා බලමින් පසුගිය දා අමාත්‍ය මණ්ඩලය විසින් මෙසේ ඔවුන්ට ද රියදුරු බලපත්‍ර ලබාදීමට තීරණය කර ඇත.
එහි නියමු වැඩසටහන හෙට(16) දිනයේ ගම්පහ දිස්ත්‍රික්කයේදී ආරම්භ වීමට නියමිතව ඇත.
මෙම නියමු වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනයේ සාමාජිකත්වය දරන දිවයින පුරා සිටින ලක්ෂ 03කට ආසන්න පිරිසට ඉදිරියේදී රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ හැකියාව හිමිවනු ඇත.